AFC Banner
Empty Ad
Empty Ad

දැවැන්ත මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් ඇනහිටීමක්

දැවැන්ත මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් ඇනහිටීමක් හේතුවෙන් ලොව පුරා සන්නිවේදන ගැටළු රැසක් මතුව තිබෙනවා.

මේ හේතුවෙන් ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත Windows භාවිත කරන්නන් මේ වනවිට Blue Screen of Death (BSOD) දෝෂය අත්විඳිමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

මයික්‍රොසොෆ්ට් සමාගම පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෑත කාලීන ක්‍රවුඩ්ස්ට්‍රයික් යාවත්කාලීනයක් හේතුවෙන් මෙම දෝෂය සිදුවන බවයි.

මෙම දෝෂය හේතුවෙන් ලොව පුරා බැංකු, රෝහල්, රජයේ කාර්යාල, ගුවන් සමාගම් ඇතුළු ආයතන රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්න මෙම දෝෂය හේතුවෙන් අතන් ගුවන් සමාගම්වල ගුවන් ගමන් ද අවලංගු කිරීමට සිදුව ඇති බවයි.

මේ අතර මයික්‍රොසොෆ්ට් ප්‍රකාශයක් එක්ස් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සේවා ගැටළුවලින් පසුව එය අවම කිරීමේ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එමෙන්ම ඔවුන්ගේ සේවාවන් තවමත් අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සිදුකරන බව ද ඔහු එහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?