දරු ප්‍රසූතියට කිලෝ මීටර් ගණනක් පයින් ගිය ගැබිනියක් අවාසනාවන්ත ලෙස මිය ගිහින්

දරු ප්‍රසූතිය සඳහා කිලෝමීටර 06ක් ඇවිද ගිය කාන්තාවක් මියගිය පුවතක් ඉන්දීය මාධ්‍ය මේ වනවිට වාර්තා කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ආශා සන්තෝෂ් කිරන්ගා නැමැති 24 හැවිරිදි, මාස නවයක ගැබිනි කාන්තාවක්.

අදාළ කාන්තාව පදිංචිව සිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගඩ්චිරෝලි දිස්ත්‍රික්කයේ එටපල්ලි තාලුකයේ ආල්දන්ඩි ටෝලා හි දරු ප්‍රසූතිය සඳහා වෛද්‍ය පහසුකම් නොමැතිවිම හේතුවෙන්, දරු ප්‍රසූතිය වෙනුවෙන් පෙටා හි පිහිටි සිය සහෝදරයාගේ නිවසට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ජනවාරි පළමු වනදා තම සැමියා සමඟ කැලෑබද මාර්ගයක් හරහා කිලෝමීටර් 06ක් පමණ පාගමනින් ඇය සිය සහෝදරයාගේ නිවසට ගොස් ඇති බව සඳහන්.

ඊයේ (02) උදෑසන ඇයට දරුණු ප්‍රසව වේදනාවක් දැනෙන්නට පටන් ගෙන ඇති අතර, ඒ අනුව ඇයව ගිලන් රථයකින් හෙද්‍රි හි කාලි අම්මාල් රෝහලට ගෙන ගොස් තිබෙනවා.

එහිදී ඇය අසාධ්‍ය තත්ත්වයක පසු වූ බැවින් කුසේ සිටින දරුවා බේරාගැනීමට වෛද්‍යවරු සිසේරියන් සැත්කමක් කිරීමට තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ඊට ප්‍රමාදවී තිබීම හේතුවෙන් දරුවා ගර්භාෂය තුළම මිය ගොස් ඇති අතර, රුධිර පීඩනය ඉහළ යාම හේතුවෙන් කාන්තාව ද මියගිය බවයි රෝහල් වෛද්‍යවරු පවසා ඇත්තේ.

හදිසි ප්‍රසව වේදනාව සහ සංකූලතා, ඇවිදීම නිසා ඇති වූ බවට සැකකරන වෛද්‍යවරු, ඇයව බේරාගැනීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වූ බවයි ගඩ්චිරෝලි දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාවේ කුණු ට්‍රැක්ටර්වල සෙල්ලම
00:35
Video thumbnail
ආණ්ඩුව දැන් ගුරුවරුන්ට ශොට් එක දෙන්නයි හදන්නේ
03:26
Video thumbnail
හරිනිගේ වුවමනාවට දරුවන්ගේ අනගාතය විනාශ කරන්න එපා
13:28
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාවේ කුණු ට්‍රැක්ටර්වල සෙල්ලම.."ගන්න බැරි නම් මෙතන දාලා යන්න..අවුලක් නෑ"
00:58
Video thumbnail
"කඩන්න බැරි පොහොට්ටුවේනේ අපි" හිමිනම කිව්ව කතාවට දිලිත්ගේ මූණ ඇඹුල් වෙයි
04:17
Video thumbnail
මුල්ලේරියාවේ ජල නළයක් පිපිරී ආ ජල කදට වාහනයකුත් ය#ට වෙයි.."අම්මටහුඩු වාහනේ ය#ට වෙලා බන්"
04:28
Video thumbnail
Kasthirama | "නව වසරේ දේශපාලනය හා ජනතාව" - කස්තිරම විශේෂ වැඩසටහන
01:37:21
Video thumbnail
"ලෑස්ති වෙයව් රට බේරගන්න මමත් එන්නම් උඹලා එක්ක.."160ම චු# වෙලා පලයව් -අපි ඒක කරනවා
08:31
Video thumbnail
"නව මොඩියුලර් ක්‍රමය, අගමැතිව අමාරුවේ දාන්න පැලවත්තෙන් කරපු කුමන්ත්‍රණයක්..?"
01:27
Video thumbnail
මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි.."පච කියන්න එපා..වැඩ බැරි ටාසන්ලා ඉන්නේමෙයාලා බෝධිසත්වයෝනේ"
11:18


?