දරු ප්‍රසූතියට කිලෝ මීටර් ගණනක් පයින් ගිය ගැබිනියක් අවාසනාවන්ත ලෙස මිය ගිහින්

දරු ප්‍රසූතිය සඳහා කිලෝමීටර 06ක් ඇවිද ගිය කාන්තාවක් මියගිය පුවතක් ඉන්දීය මාධ්‍ය මේ වනවිට වාර්තා කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ආශා සන්තෝෂ් කිරන්ගා නැමැති 24 හැවිරිදි, මාස නවයක ගැබිනි කාන්තාවක්.

අදාළ කාන්තාව පදිංචිව සිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගඩ්චිරෝලි දිස්ත්‍රික්කයේ එටපල්ලි තාලුකයේ ආල්දන්ඩි ටෝලා හි දරු ප්‍රසූතිය සඳහා වෛද්‍ය පහසුකම් නොමැතිවිම හේතුවෙන්, දරු ප්‍රසූතිය වෙනුවෙන් පෙටා හි පිහිටි සිය සහෝදරයාගේ නිවසට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ජනවාරි පළමු වනදා තම සැමියා සමඟ කැලෑබද මාර්ගයක් හරහා කිලෝමීටර් 06ක් පමණ පාගමනින් ඇය සිය සහෝදරයාගේ නිවසට ගොස් ඇති බව සඳහන්.

ඊයේ (02) උදෑසන ඇයට දරුණු ප්‍රසව වේදනාවක් දැනෙන්නට පටන් ගෙන ඇති අතර, ඒ අනුව ඇයව ගිලන් රථයකින් හෙද්‍රි හි කාලි අම්මාල් රෝහලට ගෙන ගොස් තිබෙනවා.

එහිදී ඇය අසාධ්‍ය තත්ත්වයක පසු වූ බැවින් කුසේ සිටින දරුවා බේරාගැනීමට වෛද්‍යවරු සිසේරියන් සැත්කමක් කිරීමට තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ඊට ප්‍රමාදවී තිබීම හේතුවෙන් දරුවා ගර්භාෂය තුළම මිය ගොස් ඇති අතර, රුධිර පීඩනය ඉහළ යාම හේතුවෙන් කාන්තාව ද මියගිය බවයි රෝහල් වෛද්‍යවරු පවසා ඇත්තේ.

හදිසි ප්‍රසව වේදනාව සහ සංකූලතා, ඇවිදීම නිසා ඇති වූ බවට සැකකරන වෛද්‍යවරු, ඇයව බේරාගැනීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වූ බවයි ගඩ්චිරෝලි දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27