දරුවෙක් නැති ලේලියට දරුවෙක් පිළිසිඳ ගැනීමට නැන්දම්මා මිනිස් ඇටකටු කුඩු බොන්න දීලා

දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා මිනිස් ඇටකටු වලින් සාදන ලද කුඩු පානය කරන ලෙසට බල කළ නැන්දම්මා සහ සැමියාට එරෙහිව කාන්තාවක් විසින් පොලිසියට පැමිණිලි කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මීට අමතරව මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් 05 දෙනෙක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇති බවයි වාර්තා වුණේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි.

පසුගිය බදාදා (18) දින අදාළ 28 හැවිරිදි කාන්තාව විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර, සිය නැන්දම්මා සහ සැමියා විසින් තමන්ට දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා මිනිස් ඇටකටු වලින් සාදන ලද කුඩු වර්ගයක් පානය කිරීමට බලකර සිටින බවට එහිදී ඇය පවසා තිබෙනවා.

පැමිණිලිකාර කාන්තාව 2019 වසරේ දී විවාහ වී ඇති අතර, සැකකාර සැමියා සහ නැන්දම්මා තමාට මානසිකව හා ශාරීරිකව හිරිහැර කරන බවත්, තම දෙමාපියන්ගෙන් මුදල් ලබාගන්නා ලෙස පවා තමාට බලපෑම් කරන බවත් එම කාන්තාව සිය පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

28 හැවිරිදි කාන්තාව 2019 දී විවාහ වූ නමුත් දරුවන් නොමැතිවීම නිසා ඇගේ සැමියා, නැන්දම්මා සහ අනෙකුත් චූදිතයන් ‘අමස්විය’ (සඳ නැති රාත්‍රිය) තුළ කිසියම් යාගයක් පවත්වන බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී ඇයට මිනිස් ඇටකටු කුඩු මිශ්‍ර කළ ජලය පානය කිරීමට සලස්වා ඇති අතර, ඇයව කිසියම් දිය ඇල්ලක දිය නෑමට ද සලස්වා ඇති බවට ද සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්වලා සුජීව සැරටම කිව්ව දේ.."තහඩුවක් ගියත් ලක්ෂ 10යි"මෙයාලා කයිය නායකලා
04:40
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බැහැලා
00:36
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බහියි
00:58
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49