spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දරුවෙක් නැති ලේලියට දරුවෙක් පිළිසිඳ ගැනීමට නැන්දම්මා මිනිස් ඇටකටු කුඩු බොන්න දීලා

දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා මිනිස් ඇටකටු වලින් සාදන ලද කුඩු පානය කරන ලෙසට බල කළ නැන්දම්මා සහ සැමියාට එරෙහිව කාන්තාවක් විසින් පොලිසියට පැමිණිලි කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මීට අමතරව මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් 05 දෙනෙක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇති බවයි වාර්තා වුණේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි.

පසුගිය බදාදා (18) දින අදාළ 28 හැවිරිදි කාන්තාව විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර, සිය නැන්දම්මා සහ සැමියා විසින් තමන්ට දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා මිනිස් ඇටකටු වලින් සාදන ලද කුඩු වර්ගයක් පානය කිරීමට බලකර සිටින බවට එහිදී ඇය පවසා තිබෙනවා.

පැමිණිලිකාර කාන්තාව 2019 වසරේ දී විවාහ වී ඇති අතර, සැකකාර සැමියා සහ නැන්දම්මා තමාට මානසිකව හා ශාරීරිකව හිරිහැර කරන බවත්, තම දෙමාපියන්ගෙන් මුදල් ලබාගන්නා ලෙස පවා තමාට බලපෑම් කරන බවත් එම කාන්තාව සිය පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

28 හැවිරිදි කාන්තාව 2019 දී විවාහ වූ නමුත් දරුවන් නොමැතිවීම නිසා ඇගේ සැමියා, නැන්දම්මා සහ අනෙකුත් චූදිතයන් ‘අමස්විය’ (සඳ නැති රාත්‍රිය) තුළ කිසියම් යාගයක් පවත්වන බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී ඇයට මිනිස් ඇටකටු කුඩු මිශ්‍ර කළ ජලය පානය කිරීමට සලස්වා ඇති අතර, ඇයව කිසියම් දිය ඇල්ලක දිය නෑමට ද සලස්වා ඇති බවට ද සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?