2027 වසර සඳහා වන අයවැය දෙවැනිවර කියවීමට අදාළ ඡන්ද විමසීම අද (20) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය 12 වැනිදා 2027 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එහි දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය 13 වැනිදා ආරම්භ වූ අතර, විවාදය අද අවසන් වීමෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
මේ අතර, 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (21) ආරම්භ වන අතර, එය දෙසැම්බර් 14 වැනිදා දක්වා සෙනසුරාදා දින 4ක් ඇතුළුව දින 19ක් පැවැත්වෙනවා.
අයවැය තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.
