AFC Banner
AFC Banner
Empty Ad

දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කරයි

දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් ප්‍රිටෝරියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් බව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය අද (09) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

සමුගැනීම නිවේදනය කරමින් මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා පැවසුවේ ඔහුගේ අවධානය T20 සහ ක්‍රීඩාවේ අනෙකුත් කෙටි ආකෘති වෙත යොමු කිරීමට අවශ්‍ය බවයි.

“මීට දින කිහිපයකට පෙර මම මගේ ක්‍රිකට් දිවියේ දැඩිම තීරණයක් ගත්තා. සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් වලින් සමුගැනීමට මම තීරණය කළා, මගේ ජීවිතයේ එකම ඉලක්කය වූයේ ප්‍රෝටීස් වෙනුවෙන් ක්‍රීඩා කිරීම. එය කෙසේ සිදුවේදැයි මම දන්නේ නැහැ, නමුත් දෙවියන් වහන්සේ මට දක්ෂතා සහ සාර්ථක වීමට බරපතල කැමැත්තක් ලබා දුන්නා.” යනුවෙන් සිය සමුගැනීම සඳහන් කරමින් ප්‍රිටෝරියස් වැඩිදුරටත් පවසා සිටියා.

33 හැවිරිදි ප්‍රිටෝරියස් 2016 දී ජාත්‍යන්තර ක්‍රිකට් ගමන ආරම්භ කළ අතර, එහිදී ඔහු ටෙස්ට් තරග 03ක් ජාත්‍යන්තර එක්දින තරග 27ක් සහ විස්සයි විස්ස තරග 30ක් වෙනුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

2021 වර්ෂයේ දී පාකිස්ථානයට එරෙහිව ලකුණු 17කට කඩුලු 05ක් දවා ගනිමින් විස්සයි විස්ස තරගයක දකුණු අප්‍රිකානු පන්දු යවන්නෙක් වාර්තා කළ හොඳම පන්දු යැවීමේ වාර්තාවට ද හිමිකම් කියන්නේ ඩ්වේන් ප්‍රිටෝරියස් වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?