දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කරයි

දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් ප්‍රිටෝරියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් බව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය අද (09) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

සමුගැනීම නිවේදනය කරමින් මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා පැවසුවේ ඔහුගේ අවධානය T20 සහ ක්‍රීඩාවේ අනෙකුත් කෙටි ආකෘති වෙත යොමු කිරීමට අවශ්‍ය බවයි.

“මීට දින කිහිපයකට පෙර මම මගේ ක්‍රිකට් දිවියේ දැඩිම තීරණයක් ගත්තා. සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් වලින් සමුගැනීමට මම තීරණය කළා, මගේ ජීවිතයේ එකම ඉලක්කය වූයේ ප්‍රෝටීස් වෙනුවෙන් ක්‍රීඩා කිරීම. එය කෙසේ සිදුවේදැයි මම දන්නේ නැහැ, නමුත් දෙවියන් වහන්සේ මට දක්ෂතා සහ සාර්ථක වීමට බරපතල කැමැත්තක් ලබා දුන්නා.” යනුවෙන් සිය සමුගැනීම සඳහන් කරමින් ප්‍රිටෝරියස් වැඩිදුරටත් පවසා සිටියා.

33 හැවිරිදි ප්‍රිටෝරියස් 2016 දී ජාත්‍යන්තර ක්‍රිකට් ගමන ආරම්භ කළ අතර, එහිදී ඔහු ටෙස්ට් තරග 03ක් ජාත්‍යන්තර එක්දින තරග 27ක් සහ විස්සයි විස්ස තරග 30ක් වෙනුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

2021 වර්ෂයේ දී පාකිස්ථානයට එරෙහිව ලකුණු 17කට කඩුලු 05ක් දවා ගනිමින් විස්සයි විස්ස තරගයක දකුණු අප්‍රිකානු පන්දු යවන්නෙක් වාර්තා කළ හොඳම පන්දු යැවීමේ වාර්තාවට ද හිමිකම් කියන්නේ ඩ්වේන් ප්‍රිටෝරියස් වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51