Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අනුරාධපුර ගැටුම සම්බන්ධයෙන් සිවිල් සංවිධානවලින් පොලිසියට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිලි

අනුරාධපුර මූලස්ථාන පොලීසියට විරුද්ධව සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අද පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

අනුරාධපුරේ භික්‍ෂු විරෝධතාවය අතරතුර විරෝධතාවයේ සිටි පිරිසට පහර දීමත්, එම විරෝධතාවයට බාධා කිරීමත් ඇතුළු කරුණුවලදී පොලිසිය සිය රාජකාරී වලින් බැහැරව සිටි බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල සිදු සිදුකළා.

එම ස්ථානයේ සාමය ආරක්ෂා කිරීමට පොලිසිය අසමත් වූ අතර එම ගැටුමට මුල් වූ පළමු පාර්ශ්වය මේ වන විටත් අත්අඩංගුවට ගෙන නැති බව ඔවුන් චෝදනා කරනවා.

ආශ්චර්ය ගුණවර්ධන ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබුණා.