අයවැයෙන් කඳුකර ජනතාවගේ සමාජ සුභසාධනය සඳහා රුපියල් මිලියන 13,000 ක් වෙන් කර ඇති බවට කරනු ලබන ප්‍රකාශ අසත්‍ය බවට මනෝ ගනේෂන් චෝදනා කරනවා.
දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් මෙන්ම තම එක්ස් සමාජ ජාලා ගිණුමේ සටහනක් ද තබා තිබෙනා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක ඔහු තවදුරටත් සඳහන් කරන්නේ, වතුකරයේ කර්මාන්ත අංශයට වෙන් කරන ලද අරමුදල් කඳුකරයේ දෙමළ ජනතාවගේ සමාජ සුභසාධන ව්‍යාපෘති සඳහා වෙන් කළ බව අසත්‍ය තොරතුරක් සමාජ ගත කරන බවයි.
ඉතා දිළිඳු තත්වයේ ජීවත්වන එම ජනතාවගේ ඉඩම්, නිවාස, අධ්‍යාපනය සහ සෞඛ්‍ය ගැටළු විසඳීමට හෝ සංවර්ධනය කිරීමට අය වැයෙන් මුදල් වෙන් කර නොතිබෙන අතර, එසේ කර ඇති බවට කරනු ලබන සියළු ප්‍රචාරයන් අසත්‍ය බවත් ඔහු ප්‍රකාශ කරනවා.
වැවිලි කර්මාන්ත අංශයට වෙන් කර ඇති ප්‍රතිපාදන ජනතාවගේ සමාජ සුභසාධන කටයුතු සඳහා වන ප්‍රතිපාදන බවට කිසිදු පැකිලීමකින් තොරව කරනු ලබන අසත්‍ය තොරතුරු, අහිංසක කඳුකර ජනතාව තුළ පැතිර ඇති බව මම ජනාධිපතිවරයාට සෘජුවම දන්වා තිබෙන බවත් මනෝ ගනේෂන් සඳහන් කරයි. එය තමන්ගේ මිත්‍රෙයකු මෙන්ම මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කීර්ති නාමයට කැළලක් වන බවටත් ඔහු පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවේ තේ, රබර්, පොල් සහ තල් වතු කර්මාන්ත සඳහා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් වෙන් කරන ලද රුපියල් බිලියන 13 ක සැබෑ විස්තර ගැන ද ඔහු සඳහන් කර තිබෙනවා.
ඒ අනුව-
- හම්බන්තොට, පුත්තලම, ඊසානදිග පාම් තෙල් ව්‍යාප්තිය: රුපියල් මිලියන 100
- පොල් සංවර්ධන කටයුතු: රුපියල් මිලියන 2,500
- රබර් ගස් පර්යේෂණ: රුපියල් මිලියන 500
- තේ කර්මාන්ත ශාලා සංකීර්ණ- රුපියල් මිලියන 730
- තේ, රබර්, පොල් සහ තල් අංශයේ සේවකයින්ගේ ප්‍රජාශක්ති සංවර්ධනය: රුපියල් මිලියන 3,000
- මුඩුබිම් කුඩා තේ වතු හිමියන් නැවත වගා කිරීම සඳහා සහනාධාරය: රුපියල් මිලියන 820
- තේ වතු හිමියන් සඳහා පොහොර සහනාධාරය: රුපියල් මිලියන 5,000
- රබර් වතු හිමියන් සඳහා නැවත වගා කිරීමේ සහනාධාරය: රුපියල් මිලියන 650
- වතු හිමියන් සඳහා රබර් පොහොර සහනාධාරය රුපියල් මිලියන 1000ක්: සමඟම, පසුගිය වසරේ ලබා දුන් රුපියල් 200ක වැටුප් වැඩිවීම නැවතත් ලබා දෙනවා.
එම වැටුප් වැඩිවීම්ද නිසි ලෙස ලබා නොදීමේ අරමුණින් නෙලනු ලබන තේ දළුවල බර ප්‍රමාණය වැඩිකර ඇති ඇති අතර, සමාගම් වැටුප් වැඩිවීම ලබා දීමේදී දැඩි කොන්දේසි පනවමින් කටයුතු කරන බවටත් මනෝ ගනේෂන් පෙන්වා දෙනවා.
ඒ නිසා, මෙවර වැටුප් වැඩිවීම වැටුප් කොමිසම හරහා ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලෙස තමන් ඉල්ලා සිටි බවටත්, එහෙත් ජනාධිපතිවරයා එයට එකඟ නොවු බවටත් මනෝ ගනේෂන් වැඩිදුරටත් සඳහන් කරනවා.
ඒ වගේම රජය විසින් දියත්කර තිබෙන ප්‍රචාරවලට අනුව, කඳුරට දෙමළ ජනතාවට ඉඩම්, නිවාස, අධ්‍යාපනය, මාර්ග, සෞඛ්‍ය, පෝෂණය සහ රැකියා ලබා දෙන යෝජනා ක්‍රම සඳහා මුදල් වෙන්කර නොමැති බවටත්, ඇත්ත වශයෙන්ම, රජය කඳුරට සමාජ, ආර්ථික සහ සංස්කෘතික සුභසාධනය සඳහා එවැනි මුදලක් වෙන් කළේ නම්, අයවැය කියවීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායකට සභා ගැබ තුළින් නැගී සිට සුබ පතන පළමු පක්ෂ නායකයා සහ මන්ත්‍රීවරයා මම තමන් වන බවත්, නමුත් එය එසේ සිදු නොවු බවටත් මනෝ ගනේෂන් තවදුරටත් ප්‍රකාශ කරනවා.
