Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් කොළඹ බන්ධනාගාර මූලස්ථානයට වැඩම කරයි

පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ප්‍රමුඛ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් අද බන්ධනාගාර මූලස්ථානයට වැඩම කර ඇති බවට වාර්තාවෙනවා.

පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් විසින්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර නැවත පැළඳවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයාට සහ බුද්ධශාසන අමාත්‍යාංශයට යවන ලද ලිපි සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීම සඳහා එම පිරස එසේ වැඩම කළ බවට වාර්තාවෙනවා.

වැඩම කළ භික්ෂූන් වහන්සේලා පිරිස අතර අක්මීමන දයාරතන හිමියන්, දඹානේ සුමනවංශ හිමියන්, අමුණමුල්ලේ ජිනරතන හිමියන් සහ ඉත්තෑකන්තේ සද්ධාතිස්ස හිමියන්, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්, හිග්ගොඩ උදයධම්ම හිමියන්, දෙහිගොල්ල රත්න හිමියන් යන භික්ෂූන් වහන්සේලා පිරිසක් සිටියා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වු පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් ,

‘ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කර බන්ධනාගාරයෙන් සිවුරු ඉවත් කර තිබෙනවා. මෙය බන්ධනාගාර නීති උල්ලංඝනය කරමින් සිදු කරන ලද ක්‍රියාවක්. ඥානසාර හිමියෝ නැවත සිවුර ඇඳීම ප්‍රතික්ෂේප කළා. මන්ද සිවුර ඉවත්කිරීම කළ හැකි දෙයක් නොවෙයි. එය කැමැත්තෙන් කළ හැකි දෙයක් නොවන බවද කිවයුතු බවට උන් වහන්සේ ප්‍රකාශ කරනවා.

එබැවින්, මෙය වැරදි පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්. ආගමික නීතියට අනුව, භික්ෂුවකගේ පැවිදි සිවුර නීති විරෝධී ලෙස ගලවා ඇත්නම්, එය නැවත පැළඳිය යුතු බව සම්ප්‍රදායක් බව උන් වහන්සේ අවධාරණය කරනවා.

මෙම සම්ප්‍රදායට අනුව, භික්ෂුව නැවත පැවිදි භාවය ලබා ගන්නා බවත්, 2026.10.19 වන දින ඥානසාර හිමියන්ට භික්ෂුද්වයට අදාල පැවිදි භාවය ලබා දීම සඳහා බන්ධනාගාරයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස සංඝයා වහන්සේගෙන් ඉල්ලීමක් කර තිබුණු බව උන් වහන්සේ පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, මේ දක්වා එයට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර , අපි බන්ධනාගාර කොමසාරිස්වරයා හමුවී මේ ගැන සාකච්ඡා කිරීමට වැඩම කළා. ඉතින්, අපි බන්ධනාගාර කොමසාරිස්වරයාගේ මාධ්‍ය ප්‍රකාශකයාට කතා කළා. මේ සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයට සහ අධිකරණ අමාත්‍යාංශයට ලිපියක් යවා ඇති බවත් ඔහු ප්‍රකාශ කළ බවටත් දයාරත්න හිමියෝ සඳහන් කළා.

සාධාරණ කාලයක් තුළ පියවර ගෙන අපට දැනුම් දෙන බව ඔවුන් පොරොන්දුවුණා. මෙය සංවේදී කාරණයක්, මේ රටේ බුද්ධාගමට කරලා තියෙන්නේ මේකයි යනුවෙන් උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළා.