Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නව දේශපාලන පක්ෂ තුනකට මැතිවරණ කොමිසමේ දොර ඇරෙයි

මැතිවරණ කොමිෂන් සභාව විසින් නව දේශපාලන පක්ෂ තුනක් මැතිවරණ කටයුතු සඳහා පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව, අප ජනතා පෙරමුණ, තමිල් මක්කල් විඩුතලෛ පුලිකල්, දෙමළ ජාතික හරිත සංවිධානය යන පක්ෂ තුන ලබන 21 සිට පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කරනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම නව පක්ෂ තුන එකතු වීමත් සමඟම, මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙතෙක් නිල වශයෙන් පිළිගත් සමස්ත දේශපාලන පක්ෂ සංඛ්‍යාව 87 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.