Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ටිල්වින් සිල්වාගේ මුල්ලපිටිය ගෙදර ළඟ සොරකමක්- පොලීසිය විමර්ශණය කරයි

අලුත්ගම මුල්ලපිටිය කරුණාරත්න පාර ආසන්නව ඓතිහාසික කන්ද විහාරය දෙසට තිබෙන විදුලි පුද්ගලික සමාගමේ රැහැන් පද්ධතිය හා සම්බන්ධ ස්ථාපිත කර තිබූ විදුලි කණුවේ අධිබලැති විදුලි ට්‍රාන්ස්ෆෝමරයේ පොළොවට සම්බන්ධ වෙන විශාල ප්‍රමාණයේ තඹකම්බි කපා රහසිගතව රැගෙන යෑමට තැත් කළ අයෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

ජවිපෙ ප්‍රධාන ලේකම්ගේ නිවස පිහිටි පරිශ්‍රයේ තාප්පයේ ඇතුළත මෙම අධිබලැති විදුලි ට්‍රාන්ස්ෆෝමරය සහිත විදුලිකකණුව විදුලි පුද්ගලික සමාගම විසින් සවිකර ඇති අතර, එය මාර්ගයේ ඉදිරියට යන විදුලි රෑහැන් පද්ධතිය හා සම්බන්ධ කණුවක් බවට පොලිසිය ප්‍රකාශ කරනවා.

ඊයේ (15) ඉරිදා අලුයම තුනට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර සැකකරු තවත් අයෙකු සමග යතුරුපැදියෙන් පැමිණ මෙම සොරකම සිදුකිරීමට සැලසුම් කර එම පරිශ්‍රයට තාප්පයෙයෙන් හොරෙන් පැන පොළොවට සම්බන්ධ වන තඹ කම්බි තුන ප්‍රථමයෙන් ආයුධයකින් කපා තිබෙනවා.

ඉන් පසු ඉහලින් තිබෙන තඹ කම්බි කොටස් කැපීමට තාප්පය උඩට නැග සිටි සැකකරුව ඉදිරියේ ඇති නිවැසේ පුද්ගලයකු දැක ඒ පිළිබඳව ෙසැකසිතී ප්‍රදේශවාසින් කීප දෙනෙකුට දුරකථනයෙන් කතාකර එම පිරිසද පැමිණි පසු එක් සැකකරුවකු සොරකමට පැමිණි යතුරුපැදිය ද සමග කොටු කරගැනීමට සමත්ව තිබුණා. අනිත් සැකකරු එම අවස්ථාවේ ප්‍රදේශයෙන් පලායෑමට සමත්වුණා.

පසුව මේ පිළිබඳව අලුත්ගම පොලිසියාව දැනුවත් කිරීමෙන් අනතුරුව පැමිණි පොලිස් ජංගම මුර සංචාරක නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් කළ වැඩිදුර විමර්ශනවලින් පසු සැකකරු කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත ඉදිරිපත් කර, විෂ මත්ද්‍රව්‍ය පානය කර ඇත්දැයි කල පරීක්ෂාවේදී වෛද්‍යවරයා ඒ බව සනාථ කර තිබෙනවා. පසුව සැකකරු කළුතර අධිකරණයෙ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව අලුත්ගම පොලිසිය ප්‍රකාශ කරනවා.

සොරුන් මෙම තඹ කම්බි සහිත රැහැන් සම්පූර්ණයෙන් කපාගෙන ගියේ නම් එය විදුලි පුද්ගලික සමාගමට ලක්ෂ ගණනක පාඩුවක්වන බව සඳහන් වෙනවා.

අලුත්ගම පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා.