ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් දේශපාලන, ආර්ථික හා සමාජයීය ක්ෂේත්රයන්හි නව සහයෝගීතා මාර්ග ගවේෂණය කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති ශ්‍රීමත් වෙයි හුවාෂියැං (Wei Huaxiang) අතර සුවිශේෂ හමුවක් අද (16) කොළඹ දී පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන ආර්ථික සමෘද්ධිය සහ පාරිසරික ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි පවතින ඉහළ වැදගත්කම හඳුනා ගනිමින්, පරිසර සංරක්ෂණය, තිරසර ආර්ථික සංවර්ධනය සහ නීල-හරිත ආර්ථිකය තුළ පවතින අවස්ථා පිළිබඳ ව මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානයක් යොමු කර තිබුණා.
සමුද්‍රීය හා වෙරළබඩ සම්පත්, ජෛව විවිධත්වය, පුනර්ජනනීය බලශක්තිය සහ පරිසර හිතකාමී තිරසර කර්මාන්ත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු සුවිශේෂී විභවය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දී පෙන්වා දුන්නා. මෙම අවස්ථා ප්රත්යක්ෂ ආර්ථික හා සමාජයීය ප්රතිලාභ බවට පත් කිරීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ, තාක්ෂණික නවෝත්පාදන, දැනුම හුවමාරුව සහ වගකීම් සහගත ආයෝජන ප්‍රවර්ධනය කිරීමෙහිලා ජාත්‍යන්තර හවුල්කාරිත්වයන්හි වැදගත්කම ද එහි දී විපක්ෂ නායකවරයා අවධාරණය කළා.
ශ්‍රී ලංකාව සහ චීනය අතර දැනට පවතින විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගීතාව මත පදනම් ව සමුද්‍රීය සංරක්ෂණය, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, ආපදා පෙර සූදානම සහ තිරසර සම්පත් කළමනාකරණය යන ක්ෂේත්රයන්හි සහයෝගීතා අවස්ථා ගවේෂණය කිරීම කෙරෙහි මෙහි දී විශේෂ අවධානයක් යොමු වුණා.
විශේෂයෙන්ම නැගී එන තාක්ෂණය සහ පරිසර හිතකාමී තිරසර ආර්ථික ක්‍රියාකාරකම් හරහා ආයෝජන, රැකියා උත්පාදනය, අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළා.
ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය සහ ඓතිහාසික රබර්-සහල් ගිවිසුමේ 75 වැනි සංවත්සරය යෙදෙන 2027 වර්ෂය දෙස අවධානය යොමු කරමින්, දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය යළි තහවුරු කිරීමටත්, විශේෂයෙන් තිරසර ආර්ථික සංවර්ධනය, පරිසර සංරක්ෂණය සහ නීල-හරිත ආර්ථිකය තුළ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභදායක නව සහයෝගීතා මාර්ග විවෘත කිරීමටත් මෙම සන්ධිස්ථානයන් සතු වැදගත්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නා.
අන්‍යෝන්‍ය ගෞරවය සහ පොදු අභිලාෂයන් මත පදනම් වූ ඵලදායී මැදිහත්වීම් තුළින් චීනය සමඟ ශ්‍රී ලංකාවේ පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීමට තමන් කැපවී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යළි තහවුරු කළා. මෙම ජාතික ප්‍රමුඛතාව ඉදිරියට ගෙන යාමේ දී ජාත්‍යන්තර හවුල්කාරිත්වය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්, ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සමෘද්ධිය විද්‍යාත්මක නවෝත්පාදන, පරිසර සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය මගින් ශක්තිමත් විය යුතු බවත් එහි දී වැඩිදුරටත් අවධාරණය කළා.
