ත්‍රීරෝද රථයේ පෙර පාසලට ගිය ගමන අවසන් ගමන් වූ පුංචි මල් කැකුළ

මිල්ලනිය, උතුරු රම්මණික ප්‍රදේශයේ පෙර පාසල් දරුවන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක සිටි එක් දරුවෙක් විසින් තීරෝද රථයෙන් පිටතට සිය හිස යොමු කිරීමත් සමඟ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක දරුවාගේ හිස ගැටීමෙන් සිදුවූ අනතුරෙන් එම දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සිදු වීමෙන් පසුව ප්‍රදේශවාසීන් කඩනමින් එම දරුවා හල්තොට ප්‍රාදේශීය රෝහල්ට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එහිදී එම දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පෙර පාසල් අධ්‍යාපනය ලැබූ වයස අවුරුදු හතරහමාරක් පමණ වන දරුවෙක් බවයි පොලිදිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාව වන විට ත්‍රිරෝද රථයේ දරුවන් 08ක් සහ එක් මවක් රැඳී සිටි බවයි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු සහ ත්‍රිරෝද රථයේ රියදුරු පොලිස් භාරයේ පසුවන අතර මිල්ලනිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
18
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?