ත්‍රීරෝද රථයේ පෙර පාසලට ගිය ගමන අවසන් ගමන් වූ පුංචි මල් කැකුළ

මිල්ලනිය, උතුරු රම්මණික ප්‍රදේශයේ පෙර පාසල් දරුවන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක සිටි එක් දරුවෙක් විසින් තීරෝද රථයෙන් පිටතට සිය හිස යොමු කිරීමත් සමඟ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක දරුවාගේ හිස ගැටීමෙන් සිදුවූ අනතුරෙන් එම දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සිදු වීමෙන් පසුව ප්‍රදේශවාසීන් කඩනමින් එම දරුවා හල්තොට ප්‍රාදේශීය රෝහල්ට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එහිදී එම දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පෙර පාසල් අධ්‍යාපනය ලැබූ වයස අවුරුදු හතරහමාරක් පමණ වන දරුවෙක් බවයි පොලිදිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාව වන විට ත්‍රිරෝද රථයේ දරුවන් 08ක් සහ එක් මවක් රැඳී සිටි බවයි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු සහ ත්‍රිරෝද රථයේ රියදුරු පොලිස් භාරයේ පසුවන අතර මිල්ලනිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23