AFC Banner
Empty Ad
Empty Ad

තවත් පිරිසකට 5000 දීමනාව සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය

පරිවේණාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් ට සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන් සඳහා ද රු 5,000 දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ගුරු – විදුලහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 (IV)හි විධිවිධාන ඉහත සඳහන් ගුරුවරු සඳහා ද අදාළ වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,

“ගුරු – විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන්, අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තීරණය ඇතුළේ, මෙතෙක් පරිවේණාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් ඒ වගේම උපකෘත පාසල් විශේෂ පාසල් ගුරුවරු සඳහා අදාළ රු 5,000 විශේෂ දීමනාව නිකුත් වෙලා තිබුණේ නෑ. ඊයේ කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කරනු ලැබුවා. ඉතාම පැහැදිලිව එම තීරණය ගෙන තිබුණා. නමුත් යම් යම් දත්තයන් නොලැබීමේ ප්‍රමාදයන් එක්ක තමයි සති කිහිපයක ප්‍රමාදයක් මාසයක ප්‍රමාදයක් මේ ගැන ඇති වුණේ. අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් ඒ සියලු පාර්ශවයන් වෙත කණගාටුව ප්‍රකාශ කරන අතරේ, ඊයේ කැබිනට් මණ්ඩලය ඒකමතිකව යුක්තිය ඉටුකිරීමට සඳහා තීරණය කළ බව ඔබට දැනුම්දෙනවා. ඒ සියලු පාර්ශවයන්ට සුබපතමින්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?