තවත් පිරිසකට 5000 දීමනාව සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය

පරිවේණාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් ට සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන් සඳහා ද රු 5,000 දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ගුරු – විදුලහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 (IV)හි විධිවිධාන ඉහත සඳහන් ගුරුවරු සඳහා ද අදාළ වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,

“ගුරු – විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන්, අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තීරණය ඇතුළේ, මෙතෙක් පරිවේණාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් ඒ වගේම උපකෘත පාසල් විශේෂ පාසල් ගුරුවරු සඳහා අදාළ රු 5,000 විශේෂ දීමනාව නිකුත් වෙලා තිබුණේ නෑ. ඊයේ කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කරනු ලැබුවා. ඉතාම පැහැදිලිව එම තීරණය ගෙන තිබුණා. නමුත් යම් යම් දත්තයන් නොලැබීමේ ප්‍රමාදයන් එක්ක තමයි සති කිහිපයක ප්‍රමාදයක් මාසයක ප්‍රමාදයක් මේ ගැන ඇති වුණේ. අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් ඒ සියලු පාර්ශවයන් වෙත කණගාටුව ප්‍රකාශ කරන අතරේ, ඊයේ කැබිනට් මණ්ඩලය ඒකමතිකව යුක්තිය ඉටුකිරීමට සඳහා තීරණය කළ බව ඔබට දැනුම්දෙනවා. ඒ සියලු පාර්ශවයන්ට සුබපතමින්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27