සපුගස්කන්ද, මාවරමණ්ඩිය ප්‍රදේශයේ දී හිටපු කතානායක, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පැදවූ ජීප් රථය සහ තවත් ඇල්ටෝ වර්ගයේ මෝටර් රටහයක් ගැටීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති විසින් පික්ෂණයක් ආරම්භ කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
අද (12) පැවති මාධ්‍ය හමුවකදී එම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
අනතුරට මුහුණ පෑ ජීප් රථය, මෝටර් රථය සහ යතුරු පැදියක් මේ වන විට සපුගස්ගස්කන්ද පොලිසිය භාරයේ පවතින බවයි පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ.
එමෙන්ම අනතුරින් තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සහ තවත් තුවාලකරුවන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලේ 72 සහ 73 යන වාට්ටුවලත් නනතුරින් තුවාල ලැබූ මාස හයක් වයසැති කුඩා දැරියක් කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලේ ද ප්‍රතිකාර ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම අනතුරේ දී රිය පැදවූ රියදුරන් බිමත්ව සිටියා ද යන්න සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයන් කනවා ඇති අතර එලෙස බිමත්ව රිය පදව ඇත්නම් තනතුරු, තානාන්තර නොසලකා ඔහුට අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු පවසනු ලැබුවා.
”බීමත්ව සිටියා ද නැද්ද කියන එක වෛද්‍ය පරීක්ෂණයෙන් අනිවාර්යෙන් තහවුරු වෙයි. ඒ අනුව ඔහුට බීමත්කමට
විරුද්ධව අනිවාර්යෙන් ක්‍රියාත්මක වන බව දැනුම් දෙනවා.” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.















