තනතුරක් හෝ තරාතිරමක් පිළිබද කිසිඳු බාධාවක් අපිට නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා (වීඩියෝ)

සපුගස්කන්ද, මාවරමණ්ඩිය ප්‍රදේශයේ දී හිටපු කතානායක, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පැදවූ ජීප් රථය සහ තවත් ඇල්ටෝ වර්ගයේ මෝටර් රටහයක් ගැටීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති විසින් පික්ෂණයක් ආරම්භ කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

අද (12) පැවති මාධ්‍ය හමුවකදී එම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

අනතුරට මුහුණ පෑ ජීප් රථය, මෝටර් රථය සහ යතුරු පැදියක් මේ වන විට සපුගස්ගස්කන්ද පොලිසිය භාරයේ පවතින බවයි පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සහ තවත් තුවාලකරුවන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලේ 72 සහ 73 යන වාට්ටුවලත් නනතුරින් තුවාල ලැබූ මාස හයක් වයසැති කුඩා දැරියක් කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලේ ද ප්‍රතිකාර ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම අනතුරේ දී රිය පැදවූ රියදුරන් බිමත්ව සිටියා ද යන්න සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයන් කනවා ඇති අතර එලෙස බිමත්ව රිය පදව ඇත්නම් තනතුරු, තානාන්තර නොසලකා ඔහුට අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු පවසනු ලැබුවා.

”බීමත්ව සිටියා ද නැද්ද කියන එක වෛද්‍ය පරීක්ෂණයෙන් අනිවාර්යෙන් තහවුරු වෙයි. ඒ අනුව ඔහුට බීමත්කමට
විරුද්ධව අනිවාර්යෙන් ක්‍රියාත්මක වන බව දැනුම් දෙනවා.” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23