AFC Banner
AFC Banner
Empty Ad

ණයට දුන් මුදල ඉල්ලන්න ආ පුද්ගලයා ඝාතනය කරයි

මහරගම නාවින්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ උදෑසන නාවින්න ප්‍රදේශයේදි පුද්ගලයන් දෙදෙනෙකුට මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරය එල්ලවී ඇති අතර ඔවුන් හෝමාගම රෝහලට ඇතුලත් කිරීමේදී එක් අයෙක් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මරණයට පත්වී ඇත්තේ තලගල ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු නාවින්න ප්‍රදේශයේ අයෙකුට මුදලක් ණයට ලබාදී ඇති අතර එය ලබා ගැනීමට තවත් අයෙකු සමග ඊයේ ත්‍රී රෝද රථයකින් එම පුද්ගලයාගේ නිවසට පැමිණ තිබෙනවා.

ඔවුන් දෙදෙනා වසා තිබූ ගේට්ටුවට ගසමින් එය විවෘත කිරීමට ගිය අවස්ථාවේ නිවෙස් හිමි මුදල් ණයට ලබාගත් පුද්ගලයා තියුණු ආයුධයක් රැගෙන පැමිණ මෙම පුද්ගලයන් දෙදෙනාට පහරදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව තුවාලකරුවන් දෙදෙනා ඔවුන් පැමිණි ත්‍රී රෝද රථයෙන්ම හෝමාගම රෝහලට ගොස් තිබෙනවා.

එහිදී එක් අයෙක් මරණයට පත්වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මියගිය පුද්ගලයා සැකකරුට ලබා දුන් ණය මුදල නැවත ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ මෙම පහරදීම සිදුවී ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනයේදී අනාවරණ කරගෙන තිබෙනවා.

අදාළ නිවසේ පදිංචි 60 හැවිරිදි සැකකරු නිවසින් පළා ගොස් සිටියදී හෝකන්දර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය හෝමාගම රෝහලේ තැන්පත් කර ඇති අතර මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
3
+1
2
+1
12
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?