ණයට දුන් මුදල ඉල්ලන්න ආ පුද්ගලයා ඝාතනය කරයි

මහරගම නාවින්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ උදෑසන නාවින්න ප්‍රදේශයේදි පුද්ගලයන් දෙදෙනෙකුට මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරය එල්ලවී ඇති අතර ඔවුන් හෝමාගම රෝහලට ඇතුලත් කිරීමේදී එක් අයෙක් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මරණයට පත්වී ඇත්තේ තලගල ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු නාවින්න ප්‍රදේශයේ අයෙකුට මුදලක් ණයට ලබාදී ඇති අතර එය ලබා ගැනීමට තවත් අයෙකු සමග ඊයේ ත්‍රී රෝද රථයකින් එම පුද්ගලයාගේ නිවසට පැමිණ තිබෙනවා.

ඔවුන් දෙදෙනා වසා තිබූ ගේට්ටුවට ගසමින් එය විවෘත කිරීමට ගිය අවස්ථාවේ නිවෙස් හිමි මුදල් ණයට ලබාගත් පුද්ගලයා තියුණු ආයුධයක් රැගෙන පැමිණ මෙම පුද්ගලයන් දෙදෙනාට පහරදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව තුවාලකරුවන් දෙදෙනා ඔවුන් පැමිණි ත්‍රී රෝද රථයෙන්ම හෝමාගම රෝහලට ගොස් තිබෙනවා.

එහිදී එක් අයෙක් මරණයට පත්වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මියගිය පුද්ගලයා සැකකරුට ලබා දුන් ණය මුදල නැවත ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ මෙම පහරදීම සිදුවී ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනයේදී අනාවරණ කරගෙන තිබෙනවා.

අදාළ නිවසේ පදිංචි 60 හැවිරිදි සැකකරු නිවසින් පළා ගොස් සිටියදී හෝකන්දර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය හෝමාගම රෝහලේ තැන්පත් කර ඇති අතර මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

  1. EYI KADUWEN MA MARANEEYA NOWENA DARUNU KAPUM DEKA THUNAK KARALA TIKA TIKA MARILA YANNA PETHTHAKATA DALA THIYANNA ONA, KISI KENEKUTA KITTU WENNA PRATHIKARA KARANNA, WATHURA DENNA, HOSPITAL GENIYANNA IDHA NODHEE. MEHEMA DEKA ATHUNAK KALAMA AYE WENNE NAHE.