AFC Banner
Empty Ad
Empty Ad

ඩොලර් නැති නිසා ලංකාව ගෙවන්න වුන දඩ මුදල මෙන්න

මේ වනවිට මෙරට මුහුදු සීමාවේ නැංඟුරම්ලා ඇති ගෑස් නෞකා දෙකට ගෙවීම සඳහා තවමත් ඩොලර් ලැබී නැතැයි ලිට්‍රෝ සමාගම පවසයි. 

ගෑස් මෙට්‍රික් ටොන් 3,500 බැගින් රැගෙන පැමිණි නෞකා දෙක මෙරටට ළඟාවී අදට දින10ක් පමණ ගතවී තිබේ.

නමුත් ඉන් එකක හෝ ගෑස් ගොඩබෑම සඳහා මෙතෙක් මුදල් ගෙවීමට හැකියාවක් ලැබී නොමැති බව ලිට්‍රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මුදල් නොගෙවූ ප්‍රමාද ගාස්තු වශයෙන් එක් නෞකාවට පමණක් දිනකට අමෙරිකානු ඩොලර් 18,000ක් ගෙවීමට සිදුවන බව සොයාබැලීමකදී අනාවරණ විය.

ඒ අනුව නෞකා දෙකටම ප්‍රමාද ගාස්තු ලෙස අද වනවිට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 360,000ක මුදලක් ගෙවීමට සිදුව තිබේ. මුහුදු සීමාවේ නැංඟුරම්ලා ඇති ගෑස් නෞකාවලින් ගෑස් ගොඩබෑමට නොහැකි වීම නිසා වෙළෙඳපොළේ හිඟය උග්‍ර වෙමින් පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?