ටිබෙටය තුළ පිරිහෙමින් පවතින තත්ත්වය පිළිබඳව හදිසි ජාත්‍යන්තර අවධානය යොමු කිරීමේ අරමුණින් නිව්යෝර්ක් සහ නිව් ජර්සි හි ටිබෙට් තරුණ කොංග්‍රස් ක්‍රියාකාරීන් එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට පැය 90ක උපවාසයක නිරත වුණා.
උපවාසය අප්‍රේල් 6 වන දින සවස 05 ට ආරම්භ වූ අතර ඊයේ (10) දින දහවල් 12ට අවසන් කළා.
නිව් යෝර්ක් සහ නිව් ජර්සි හි අවම වශයෙන් ටිබෙට් ජාතිකයින් 15,000කට වැඩි පිරිසක් ජීවත් වනවා.
විරෝධතාවයේ අරමුණ ටිබෙටය තුළ ඇති තීරණාත්මක තත්ත්වය ඉස්මතු කිරීම සහ නිදහස සහ සංස්කෘතික පැවැත්ම සඳහා වන ටිබෙට් අරගලය දුර්වල කිරීමට එරෙහිව මතයක් ගොඩනීම බව උපවාසකරුවන් විදෙස් මාධ්‍ය සමඟ පවසා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1













