ජීවිතයක් අවසන්කර කෝන්තරයක් පිරිමසා ගනී

සීගිරිය පොලිස් වසමේ හේන්වලයාගම, කිඹිස්ස ප්‍රදේශයේ දී ඊයේ (02) රාත්‍රී කාලයේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීමට පැමිණි සිටි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙක් විසින් මෙලෙස පහර දී ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 55 ක වූ හේන්වලයාගම, කිඹිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ සැකකරු අතර කලක සිට තිබූ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මෘත ශරීරය කිඹිස්ස රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?