ජීවිතයක් අවසන්කර කෝන්තරයක් පිරිමසා ගනී

සීගිරිය පොලිස් වසමේ හේන්වලයාගම, කිඹිස්ස ප්‍රදේශයේ දී ඊයේ (02) රාත්‍රී කාලයේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීමට පැමිණි සිටි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙක් විසින් මෙලෙස පහර දී ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 55 ක වූ හේන්වලයාගම, කිඹිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ සැකකරු අතර කලක සිට තිබූ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මෘත ශරීරය කිඹිස්ස රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04