ජ්‍යොතිෂ් ශාස්ත‍්‍රයට අනුව උපන් නැකතට ස්ත්‍රියකගේ ගතිලක්ෂන

ජ්‍යොතිෂ් ශාස්ත‍්‍රයෙහි අස්විද, බෙරණ, කැති ආදී වශයෙන් නැකත් 28 ක් ද, විශ්කම්භ, ප‍්‍රීති, ආයුෂ්මාන් ආදී වශයෙන් යෝග 27 ක් ද, බව බාලව, කෞලව ආදී වශයෙන් කරණ 11 ක් ද ඇති පරිදි අශ්ව, ගජ, ගව ආදී වශයෙන් යෝනි 14 ක් ද ඇත.

”මානසාගරී” නමැති පැරණි ජ්‍යෙතිෂ ග‍්‍රන්ථයේ සඳහන් වන අන්දමට, ඒ ඒ යෝනිවලට ඒ ඒ නැකත් මෙලෙසින් සම්බන්ධය.

අශ්ව යෝනිය – අස්විද හා සියාවස නැකත්

ඇත් – රේවතී හා බෙරණ

එළු – පුස හා කැති

සර්ප – රෙහෙණ හා මුවසිරස

බලූ – අද හා මුල

මී – මා හා පුවපල්

බළල් – පුනාවාස හා අස්ලිය

ගව – උතුරු පුටුප හා උතුරු පුවසල

මී ගව – සා හා හත

මුව – දෙට හා අනුර

ව්‍යාඝ‍්‍ර – සිත හා විසා

වානර – පුවසල හා සුවණ

සිංහ – දෙනට හා පුවපුටුප

මුගටි – උතුරුසල හා අභිජිත්

මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ, ඒ ඒ යෝනිවලට අදාළ ජන්ම පල විපාකය.

අශ්ව යෝනිය – තමන්ට කැමැති පරිද්දෙන් හැසිරෙන, ගුණවත්, යහපත්, ශූර ගතියකින් හා තේජස් ගතියකින් ද යුතු, ගර ගර ස්වභාවයේ කටහඬක් සහිත, තමන්ගේ ස්වාමියාට භක්තියක් දක්වන කෙනෙකු විය හැකිය.

ගජ යෝනිය – බලසම්පන්න, සම්පත්ද සහිත, රට කරවන ස්ථානයට වුවද ළඟා විය හැකි, උත්සාහයෙන් යුතු කෙනකු වන්නට පුළුවන.

ගව යෝනිය – කාන්තාවන්ට ඇල්මක් දක්වන, උත්සාහයෙන් යුතු කතාවට දක්ෂ, ආයුෂ අඩු කෙනකු වන්නට ඉඩ ඇත.

සර්ප යෝනිය – තදබල ක්‍රෝධ ගතියකින් යුතු, කළ ගුණ නොදන්නා, චපල ස්වභාවයක් සහිත, කෑමට කෑදරකමක් දක්වන කෙනකු වන සෙයකි.

බලූ යෝනිය – දැඩි උත්සාහයකින් හා ශූර ගතියකින් ද යුතු, දෙමාපියනට ඇලමක් දක්වන, තමන්ගේ නෑසියන් හා සමඟ රණ්ඩුසරුවල් කරන කෙනකු වන්නට ඉඩක් ඇත.

බළල් යෝනිය – ශූර ගතියක් සහිත, තමන්ගේ කටයුතුවල දක්ෂතාවක් දක්වන, ප‍්‍රණීත ආහාර පාන වලට ඇල්මක් ඇති, බිය ගතියකින් තොර, දුෂ්ට ගති ද සහිත කෙනකු විය හැකිය.

එළු යෝනිය – උත්සහාවන්ත ගතියකින් යුතු, යෝධයකු මෙන් සිටිය හැකි, වික‍්‍රමාන්විත වැඩද කළ හැකි, සැප සම්පතින් පිරි, අනුන්ට උදව් උපකාර කරන කෙනකු වන්නට පුළුවන.

මී යෝනිය – බුද්ධි සම්පන්න, ධනවත්, තමන්ගේ කටයුතු උනන්දුවකින්, නොපමාවම කරන, එහෙත් විශ්වාස කළ නොහැකි කෙනකු වන්නට ඉඩ ඇත.

සිංහ යෝනිය – ධර්මානුකූල, සදාචාරවත්, යහපත් කටයුතු කරන, යහපත් ගුණ වලින් යුතු, තමන්ගේ ගෙදර අය පෝෂණය කිරීමට කැමැත්තක් දක්වන කෙනකු වන සෙයකි.

මී ගොන් යෝනිය – සටන් වලින් ජයග‍්‍රහණය අත්කරගන්නා යෝධයකු බඳු, දරුවන් බොහොමයක් සිටිය හැකි, වාතාබාධවලට ලක්වීමට ඉඩ ඇති, බුද්ධි මට්ටමින් හීන කෙනකු වන්නට ඉඩක් ඇත.

වග යෝනිය – තමන්ට කැමැති පරිදි හැසිරෙන, ධනය උපයීමට කැමැත්තක් දක්වන, දක්ෂතාවක් සහිත, ප‍්‍රශංසා ලබන්නට කැමැත්තක් දක්වන කෙනකු විය හැකිය.

මුව යෝනිය – තමන් පාලනය කර ගැනීමට කැමැති, ශාන්ත දාන්ත, යහපත් ජීවන වෘත්තියක නියෑළෙන, ඇත්ත කතා කිරීමට කැමැති, තමන්ගේ නෑසියන්ට ප‍්‍රියජනක කෙනකු වන, ධර්මානුකූල ජීවිතයක් ගත කරන, සටන් ගැටුම්වලට බියක් දක්වන කෙනකු වන්නට ඉඩක් ඇත.

වඳුරු යෝනිය – චපල ගති වලින් යුතු, රස මිහිරි ආහාර පාන අනුභව කරන, මසුරු ගතියක් සහිත, පව් වැඩ ද කරන, කාමුක ගතියක් ද තිබිය හැකි, මනා දරුමල්ලන් සිටිය හැකි, දක්ෂ කෙනකු විය හැකිය.

මුගටි යෝනිය – අනුන්ට උපකාර කිරීමට කැමැත්තක් දක්වන, කරන කටයුතුවලට දක්ෂ, ධනවත්කමක්ද, සමර්ථභාවයක් ද සහිත, දෙමාපියන්ට නිරතුරු ආදරය කරන කෙනකු වන්නට පුළුවන.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?