ජ්‍යොතිෂ් ශාස්ත‍්‍රයට අනුව උපන් නැකතට ස්ත්‍රියකගේ ගතිලක්ෂන

ජ්‍යොතිෂ් ශාස්ත‍්‍රයෙහි අස්විද, බෙරණ, කැති ආදී වශයෙන් නැකත් 28 ක් ද, විශ්කම්භ, ප‍්‍රීති, ආයුෂ්මාන් ආදී වශයෙන් යෝග 27 ක් ද, බව බාලව, කෞලව ආදී වශයෙන් කරණ 11 ක් ද ඇති පරිදි අශ්ව, ගජ, ගව ආදී වශයෙන් යෝනි 14 ක් ද ඇත.

”මානසාගරී” නමැති පැරණි ජ්‍යෙතිෂ ග‍්‍රන්ථයේ සඳහන් වන අන්දමට, ඒ ඒ යෝනිවලට ඒ ඒ නැකත් මෙලෙසින් සම්බන්ධය.

අශ්ව යෝනිය – අස්විද හා සියාවස නැකත්

ඇත් – රේවතී හා බෙරණ

එළු – පුස හා කැති

සර්ප – රෙහෙණ හා මුවසිරස

බලූ – අද හා මුල

මී – මා හා පුවපල්

බළල් – පුනාවාස හා අස්ලිය

ගව – උතුරු පුටුප හා උතුරු පුවසල

මී ගව – සා හා හත

මුව – දෙට හා අනුර

ව්‍යාඝ‍්‍ර – සිත හා විසා

වානර – පුවසල හා සුවණ

සිංහ – දෙනට හා පුවපුටුප

මුගටි – උතුරුසල හා අභිජිත්

මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ, ඒ ඒ යෝනිවලට අදාළ ජන්ම පල විපාකය.

අශ්ව යෝනිය – තමන්ට කැමැති පරිද්දෙන් හැසිරෙන, ගුණවත්, යහපත්, ශූර ගතියකින් හා තේජස් ගතියකින් ද යුතු, ගර ගර ස්වභාවයේ කටහඬක් සහිත, තමන්ගේ ස්වාමියාට භක්තියක් දක්වන කෙනෙකු විය හැකිය.

ගජ යෝනිය – බලසම්පන්න, සම්පත්ද සහිත, රට කරවන ස්ථානයට වුවද ළඟා විය හැකි, උත්සාහයෙන් යුතු කෙනකු වන්නට පුළුවන.

ගව යෝනිය – කාන්තාවන්ට ඇල්මක් දක්වන, උත්සාහයෙන් යුතු කතාවට දක්ෂ, ආයුෂ අඩු කෙනකු වන්නට ඉඩ ඇත.

සර්ප යෝනිය – තදබල ක්‍රෝධ ගතියකින් යුතු, කළ ගුණ නොදන්නා, චපල ස්වභාවයක් සහිත, කෑමට කෑදරකමක් දක්වන කෙනකු වන සෙයකි.

බලූ යෝනිය – දැඩි උත්සාහයකින් හා ශූර ගතියකින් ද යුතු, දෙමාපියනට ඇලමක් දක්වන, තමන්ගේ නෑසියන් හා සමඟ රණ්ඩුසරුවල් කරන කෙනකු වන්නට ඉඩක් ඇත.

බළල් යෝනිය – ශූර ගතියක් සහිත, තමන්ගේ කටයුතුවල දක්ෂතාවක් දක්වන, ප‍්‍රණීත ආහාර පාන වලට ඇල්මක් ඇති, බිය ගතියකින් තොර, දුෂ්ට ගති ද සහිත කෙනකු විය හැකිය.

එළු යෝනිය – උත්සහාවන්ත ගතියකින් යුතු, යෝධයකු මෙන් සිටිය හැකි, වික‍්‍රමාන්විත වැඩද කළ හැකි, සැප සම්පතින් පිරි, අනුන්ට උදව් උපකාර කරන කෙනකු වන්නට පුළුවන.

මී යෝනිය – බුද්ධි සම්පන්න, ධනවත්, තමන්ගේ කටයුතු උනන්දුවකින්, නොපමාවම කරන, එහෙත් විශ්වාස කළ නොහැකි කෙනකු වන්නට ඉඩ ඇත.

සිංහ යෝනිය – ධර්මානුකූල, සදාචාරවත්, යහපත් කටයුතු කරන, යහපත් ගුණ වලින් යුතු, තමන්ගේ ගෙදර අය පෝෂණය කිරීමට කැමැත්තක් දක්වන කෙනකු වන සෙයකි.

මී ගොන් යෝනිය – සටන් වලින් ජයග‍්‍රහණය අත්කරගන්නා යෝධයකු බඳු, දරුවන් බොහොමයක් සිටිය හැකි, වාතාබාධවලට ලක්වීමට ඉඩ ඇති, බුද්ධි මට්ටමින් හීන කෙනකු වන්නට ඉඩක් ඇත.

වග යෝනිය – තමන්ට කැමැති පරිදි හැසිරෙන, ධනය උපයීමට කැමැත්තක් දක්වන, දක්ෂතාවක් සහිත, ප‍්‍රශංසා ලබන්නට කැමැත්තක් දක්වන කෙනකු විය හැකිය.

මුව යෝනිය – තමන් පාලනය කර ගැනීමට කැමැති, ශාන්ත දාන්ත, යහපත් ජීවන වෘත්තියක නියෑළෙන, ඇත්ත කතා කිරීමට කැමැති, තමන්ගේ නෑසියන්ට ප‍්‍රියජනක කෙනකු වන, ධර්මානුකූල ජීවිතයක් ගත කරන, සටන් ගැටුම්වලට බියක් දක්වන කෙනකු වන්නට ඉඩක් ඇත.

වඳුරු යෝනිය – චපල ගති වලින් යුතු, රස මිහිරි ආහාර පාන අනුභව කරන, මසුරු ගතියක් සහිත, පව් වැඩ ද කරන, කාමුක ගතියක් ද තිබිය හැකි, මනා දරුමල්ලන් සිටිය හැකි, දක්ෂ කෙනකු විය හැකිය.

මුගටි යෝනිය – අනුන්ට උපකාර කිරීමට කැමැත්තක් දක්වන, කරන කටයුතුවලට දක්ෂ, ධනවත්කමක්ද, සමර්ථභාවයක් ද සහිත, දෙමාපියන්ට නිරතුරු ආදරය කරන කෙනකු වන්නට පුළුවන.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32