ජල ගාස්තු සංශෝධනයක් නැහැ – ඉදිරි සතිවල ජල සැපයුමට බාධා එල්ල විය හැකියි

විදුලි ගාස්තු ඉහළ යාමේ හැකියාවක් පැවතියත් ජල ගාස්තු සංශෝධනයක් සිදුනොකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ජල සම්පාදන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර පවසන්නේ, විදුලි පිරිවැය ඉහළ යාම ජල ගාස්තුව කෙරෙහි සෘජුව බලපෑමක් නොකරන බවයි.

මණ්ඩලයේ සමස්ත මෙහෙයුම් පිරිවැයෙන් විදුලිය සඳහා වැය වන්නේ 20%ත් 30%ත් අතර ප්‍රමාණයක් පමණක් බවයි සභාපතිවරයා පැවසුවේ.

ජල ගාස්තු සංශෝධනය කිරීම වසරකට දෙවතාවක් පමණක් සිදුවන බවත්, වසරේ පළමු මාස හය තුළ කිසිදු ගාස්තු වෙනසක් සිදුනොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ ජල සැපයුමට බාධා එල්ල විය හැකි බවයි ඔහු සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !