ජර්මනියේ රැකියාවට යන්න ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක්

ජර්මනියේ තොරතුරු තාක්ෂණ ඉදිකිරීම් සහ සත්කාරක සේවා ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමට වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මේ යටතේ රැකියා කාණ්ඩ 43ක් පවතින බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

ජර්මනියේ මෙම රැකියා සඳහා කැමැත්තක් දක්වන රැකියා අවස්ථා ලබාදීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව වැඩසටනක් ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් මේ සඳහා ජර්මානු භාෂා ප්‍රවීණතාවය අනිවාර්ය වන බවයි කාර්යාංශය සඳහන් කළේ.

රැකියා ලබාගැනීම වෙනුවෙන් අදාළ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන්ගේ දත්ත ලේඛණයක් නිර්මාණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව හෙට (17) දිනට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ යන www.slbfe.lk වෙබ් අඩවියට පිවිස තම ජීව දත්ත පත්‍රිකා ඉදිරිපත් කරන ලෙසටයි මෙම ක්ෂේත්‍රවල රැකියා සඳහා උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දෙන්නේ.

German Jobs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?