ජනප්‍රිය පාසලක ආදි සිසුවන් පාසලේ නම කෙලෙසයි

පසුගිය පෙබරවාරි 3 වැනිදා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට අභිනවයෙන් පත්ව ආ විදුහල්පතිවරයා පිළිගැනීමේ උත්සවයේදී ආදි ශිෂ්‍ය සංගමය කලහකාරී ලෙස හැසිරී පාසල තුළ මහත් කලබෑගැනියක් කර ඇත.

විදුහල්පතිවරයා පිළිගැනීමේ උත්සවයට පසල් සංවර්ධන සමිතියට සහභාගී වීමට ඉඩ නොදීමට ආදි ශිෂ්‍ය සංගමය කටයුතු කිරීම නිසා අර්බුධකාරී තත්ත්වයක් මතු ව ඇත.

මෙහිදී පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් හා ගුරු මණ්ඩලය ආදි ශිෂ්‍යන්ගේ අත්තනෝමතික තීරණයට එරෙහි වී ඇති අතර ආදි සිසුන්ට ඔවුන් කරන අසාධාරණ ක්‍රියාව තේරුම් කර දීමට ඔවුන් අසලට වැඩම කළ මාතලේ සුමංගල හිමියන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇත.

පාසල් සංවර්ධන සමිතියේ නිලධාරීන් විදුහල්පතිවරයා පිළිගැනීමට රැගෙන ආ මල් මාලය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් මහින්ද ජයවීර නමැත්තා උදුරා විසි කර ඇති අතර, විදුහල්පතිවරයා පිළිගැනීමේ උත්සවයේ කතා ද පාසල් සංවර්ධන සමිතියට ලබා නොදී තමන් පමණක් සිදු කළ යුතු යැයි ගුරුමණ්ඩලයට බල පෑම් කර තිබේ.

වේල්ස් කුමාර විද්‍යාලයේ මෙතෙක් වැඩ බලන විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ දිමුතු දරනාගොඩද විදුහලේ ආදි ශිෂ්‍යයකු වන අතර ආදි සිසුන්ගේ මෙම නොමනා හැසිරීමට ඔහුද අනුබල දී ඇති බව පසලේ අභ්‍යන්තර ආරංචි මාර්ග අරුණට හෙළි කළේය.

වැඩබලන විදුහල්පති වරයා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී ආදි සිසුන් සමග එක්ව කළා යැයි පැවසෙන අක්‍රමිකතා හේතුවෙන් පාසල් සංවර්ධන සමිතිය වැඩබලන විදුහල්පතිවරයාට අල්ලස් හෝ දූෂණ කොමිසමේ නඩු පවරා ඇත. මේ හේතුව නිසා නව විදුහල්පතිවරයා පිළිගැනීමේ උත්සවයට පාසල් සංවර්ධන සමිතිය සහභාගී කර නොගැනීමට ආදි සිසුන් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් අවසානයේදී නියෝජ්‍ය විදුහල්පති සීලරතන හිමියන්ගේද මැදිහත් වීම මත පසල් සංවර්ධන සමිතියද විදුහල්පති වරයා පිළිගැනීමේ උත්සවයට සහභාගී වී ඇති අතර පිළිගැනීමේ කතාවක්ද පවත්වා ඇත.

මොරටුව පුරවරයේ කීර්තිමත් විද්‍යාලයක් වන වේල්ස් කුමාර විද්‍යාලයේ කීර්ති නාමය කෙලසමින් පාසල් දරුවන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරුණු ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් පාසල් දරුවන්ගෙන් ගුටි නොකා බේරුණේ ගුරු භවතුන්ගේ අනුහසින් බවද පාසල් ආරංචි මාර්ග කියයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51
Video thumbnail
පදක්කමේ ලොක්කෙක් එක්ක ගැන්සි පිටින් බැහැලා පුද්ගලයෙක්ට තගදාලා..ප#රකෑ පුද්ගලයා සියල්ල හෙළිකරයි
01:26
Video thumbnail
බුත්තලදී සිදුවූ බිහිසුණු රිය අනතුර..බයික් එකක් ටිපර් එක ය# - පාරත් කඩාගෙන ගිහින්
01:03
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
00:00


?