ජනප්‍රිය පාසලක ආදි සිසුවන් පාසලේ නම කෙලෙසයි

පසුගිය පෙබරවාරි 3 වැනිදා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට අභිනවයෙන් පත්ව ආ විදුහල්පතිවරයා පිළිගැනීමේ උත්සවයේදී ආදි ශිෂ්‍ය සංගමය කලහකාරී ලෙස හැසිරී පාසල තුළ මහත් කලබෑගැනියක් කර ඇත.

විදුහල්පතිවරයා පිළිගැනීමේ උත්සවයට පසල් සංවර්ධන සමිතියට සහභාගී වීමට ඉඩ නොදීමට ආදි ශිෂ්‍ය සංගමය කටයුතු කිරීම නිසා අර්බුධකාරී තත්ත්වයක් මතු ව ඇත.

මෙහිදී පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් හා ගුරු මණ්ඩලය ආදි ශිෂ්‍යන්ගේ අත්තනෝමතික තීරණයට එරෙහි වී ඇති අතර ආදි සිසුන්ට ඔවුන් කරන අසාධාරණ ක්‍රියාව තේරුම් කර දීමට ඔවුන් අසලට වැඩම කළ මාතලේ සුමංගල හිමියන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇත.

පාසල් සංවර්ධන සමිතියේ නිලධාරීන් විදුහල්පතිවරයා පිළිගැනීමට රැගෙන ආ මල් මාලය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් මහින්ද ජයවීර නමැත්තා උදුරා විසි කර ඇති අතර, විදුහල්පතිවරයා පිළිගැනීමේ උත්සවයේ කතා ද පාසල් සංවර්ධන සමිතියට ලබා නොදී තමන් පමණක් සිදු කළ යුතු යැයි ගුරුමණ්ඩලයට බල පෑම් කර තිබේ.

වේල්ස් කුමාර විද්‍යාලයේ මෙතෙක් වැඩ බලන විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ දිමුතු දරනාගොඩද විදුහලේ ආදි ශිෂ්‍යයකු වන අතර ආදි සිසුන්ගේ මෙම නොමනා හැසිරීමට ඔහුද අනුබල දී ඇති බව පසලේ අභ්‍යන්තර ආරංචි මාර්ග අරුණට හෙළි කළේය.

වැඩබලන විදුහල්පති වරයා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී ආදි සිසුන් සමග එක්ව කළා යැයි පැවසෙන අක්‍රමිකතා හේතුවෙන් පාසල් සංවර්ධන සමිතිය වැඩබලන විදුහල්පතිවරයාට අල්ලස් හෝ දූෂණ කොමිසමේ නඩු පවරා ඇත. මේ හේතුව නිසා නව විදුහල්පතිවරයා පිළිගැනීමේ උත්සවයට පාසල් සංවර්ධන සමිතිය සහභාගී කර නොගැනීමට ආදි සිසුන් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් අවසානයේදී නියෝජ්‍ය විදුහල්පති සීලරතන හිමියන්ගේද මැදිහත් වීම මත පසල් සංවර්ධන සමිතියද විදුහල්පති වරයා පිළිගැනීමේ උත්සවයට සහභාගී වී ඇති අතර පිළිගැනීමේ කතාවක්ද පවත්වා ඇත.

මොරටුව පුරවරයේ කීර්තිමත් විද්‍යාලයක් වන වේල්ස් කුමාර විද්‍යාලයේ කීර්ති නාමය කෙලසමින් පාසල් දරුවන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරුණු ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් පාසල් දරුවන්ගෙන් ගුටි නොකා බේරුණේ ගුරු භවතුන්ගේ අනුහසින් බවද පාසල් ආරංචි මාර්ග කියයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57