ජනපති මැදුරින් හමු වූ මුදල් ගැන පොලිස් විමර්ශන ප්‍රමාදයි

ජනාධිපති මන්දිරය තුළ තිබී අරගලකරුවන් විසින් සොයාගත් රු.ලක්ෂ එක්දහස් හත්සිය අසූපහක මුදල කොටුව පොලීසිය වෙත භාරදී තිබුණද , ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම ප්‍රමාද කරමින් තිබෙන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කළේය .

පසුගිය 10 වැනිදා මෙම මුදල් කොටුව පොලීසිය වෙත භාරදී තිබෙන බවත් , මෙම මුදල් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් විසින් පෙරේදා ( 11 ) කොටුව පොලීසියට පැමිණිලි කළ බවත් හෙතෙම පවසා සිටියේය . අඩුම වශයෙන් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය ඊයේ ( 12 දා ) දිනයේදීත් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවත් මේ නිසා මෙම මුදල් සම්බන්ධයෙන් පක්‍ෂණයක් සිදුකරන ලෙස ඊයේ දිනයේදීත් නීතිඥවරුන් සමග ගොස් කොටුව පොලීසියෙන් ඉල්ලීම් කළ බවත් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00