AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ වෙනිසියුලාවේ විරෝධතා ඇවිලී යයි

වෙනිසියුලානු ජනාධිපතිවරණයේ මතභේදයට තුඩු දී ඇති මැතිවරණ ප්‍රතිඵලය හේතුවෙන් එරට දස දහස් සංඛ්‍යාත වැසියන් වීදි බැස විරෝධතාවල නිරත වනවා.

එරට මැතිවරණ අධිකාරිය විසින් ජනාධිපති නිකොලස් මදුරෝ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙම විරෝධතා මතුව තිබෙනවා.

මේ අතර එරට විපක්ෂය චෝදනා කරන්නේ මැතිවරණ ප්‍රතිඵලවල වංචාවක් සිදුව ඇති බවයි.

කැරකස් අගනුවරට රැස්ව සිටින උද්ඝෝෂකයෝ ජනාධිපතිවරයාට එරෙහිව සටන් පාඨ කියමින් ඔහුගේ මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් ඇතුළු බැනර ඉරා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇතැම් විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය වන මිරාෆ්ලෝර්ස් දෙසට ද ගමන් කිරීම ආරම්භ කර ඇති බට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර නගරය පුරා පොලිසිය විශාල වශයෙන් යොදවා ඇති අතර, ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එමෙන්ම නිකොලස් මදුරෝ හිතවාදී පැරාමිලිටරි කණ්ඩායම් විරෝධතාකරුවන්ට වෙඩි තැබීම් ද වාර්තාවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

2025-2031 කාලසීමාව සඳහා තවත් වසර 06ක ධුර කාලයක් සඳහා වෙනිසියුලානු ජාතිකයින් බහුතරයක් විසින් මදුරෝ නැවත
ජනාධිපතිවරයා ලෙස පත්කරගෙන ඇති බව එරට මැතිවරණ කවුන්සිලය ඊයේ නිල වශයෙන් තහවුරු කළා.

මෙම තහවුරු කිරීමත් සමඟයි මහජන කෝපය වැඩි වී විරෝධතා එල්ලවීමට ආරම්භ වී ඇත්තේ.

මේ අතර ඊයේ සවස පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ කියා සිටියේ තම අපේක්ෂකයා වන එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් සියයට 70කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඇති බවත්, රජයේ හිතවාදීන් විසින් එය සැඟවීමට කටයුතු කර ඇති බවයි.

ඊයේ දින කැරකාස් අගනුවර සිට රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් 61 ​​හැවිරිදි මදුරෝ සඳහන් කළේ ඇතැම් පාර්ශව වෙනිසියුලාව තුළ කුමන්ත්‍රණයක් සිදුකිරීමට උත්සාහ කරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?