ජනපතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ වෙනිසියුලාවේ විරෝධතා ඇවිලී යයි

වෙනිසියුලානු ජනාධිපතිවරණයේ මතභේදයට තුඩු දී ඇති මැතිවරණ ප්‍රතිඵලය හේතුවෙන් එරට දස දහස් සංඛ්‍යාත වැසියන් වීදි බැස විරෝධතාවල නිරත වනවා.

එරට මැතිවරණ අධිකාරිය විසින් ජනාධිපති නිකොලස් මදුරෝ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙම විරෝධතා මතුව තිබෙනවා.

මේ අතර එරට විපක්ෂය චෝදනා කරන්නේ මැතිවරණ ප්‍රතිඵලවල වංචාවක් සිදුව ඇති බවයි.

කැරකස් අගනුවරට රැස්ව සිටින උද්ඝෝෂකයෝ ජනාධිපතිවරයාට එරෙහිව සටන් පාඨ කියමින් ඔහුගේ මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් ඇතුළු බැනර ඉරා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇතැම් විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය වන මිරාෆ්ලෝර්ස් දෙසට ද ගමන් කිරීම ආරම්භ කර ඇති බට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර නගරය පුරා පොලිසිය විශාල වශයෙන් යොදවා ඇති අතර, ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එමෙන්ම නිකොලස් මදුරෝ හිතවාදී පැරාමිලිටරි කණ්ඩායම් විරෝධතාකරුවන්ට වෙඩි තැබීම් ද වාර්තාවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

2025-2031 කාලසීමාව සඳහා තවත් වසර 06ක ධුර කාලයක් සඳහා වෙනිසියුලානු ජාතිකයින් බහුතරයක් විසින් මදුරෝ නැවත
ජනාධිපතිවරයා ලෙස පත්කරගෙන ඇති බව එරට මැතිවරණ කවුන්සිලය ඊයේ නිල වශයෙන් තහවුරු කළා.

මෙම තහවුරු කිරීමත් සමඟයි මහජන කෝපය වැඩි වී විරෝධතා එල්ලවීමට ආරම්භ වී ඇත්තේ.

මේ අතර ඊයේ සවස පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ කියා සිටියේ තම අපේක්ෂකයා වන එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් සියයට 70කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඇති බවත්, රජයේ හිතවාදීන් විසින් එය සැඟවීමට කටයුතු කර ඇති බවයි.

ඊයේ දින කැරකාස් අගනුවර සිට රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් 61 ​​හැවිරිදි මදුරෝ සඳහන් කළේ ඇතැම් පාර්ශව වෙනිසියුලාව තුළ කුමන්ත්‍රණයක් සිදුකිරීමට උත්සාහ කරමින් සිටින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27