AFC Banner
Empty Ad
Empty Ad

ඡන්ද කාඩ් 98%ක් බෙදා අවසන්

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 98%ක් පමණ මේ වනවිට බෙදා හැර අවසන් බව තැපැල්පති පී.සත්කුමාර පවසනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති පුද්ගලයින්ට සැප්තැම්බර් 18 සහ 21 අතර කාලය තුළ ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් තම අනන්‍යතාව තහවුරු කර ඒවා ලබාගත හැකි බවයි තැපැල්පතිවරයා පැවසුවේ.

කෙසේ වෙතත් ඡන්දහිමි නාම ලේඛනයේ නම සඳහන් ඡන්දදායකයින්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව සිය ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර සඳහන් කළේ.

බෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 17.1ක් සහ තැපැල් ඡන්ද පත්‍රිකා 694,000 කට අධික ප්‍රමාණයක්ම ලැබී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?