චමින්ද වෙනුවට නයන?

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ චමින්ද විජේසිරි මහතාගෙන් හිස්වූ අසුනට නයන වාසලතිලක මහතා පත් කෙරෙනු ඇති බවට වාර්තා වනවා.

චමින්ද විජේසිරි මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය වෙත භාරදුන් අතර එය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙතට යොමු කිරීමට නියමිතයි.

අනතුරුවයි මන්ත්‍රී ධුරයක් හිස්ව ඇති බවට මැතිවරණ කොමිසම විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ.

ඒ අනුව සමගි ජන බලවේගයට නව මන්ත්‍රීවරයෙකු හිස්වූ අසුන සඳහා පත් කිරීමට හැකියාව පවතිනවා.

චමින්ද විජේසිරි මහතාගෙන් හිස්වූ අසුනට පත් කෙරෙන බව කියන නයන වාසලතිලක මහතා 2020 වසරේ පැවති මහ මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වු අතර ලබාගත් මනාප සංඛ්‍යාව 31307ක්.

ඔහු සමගි ජන බලවේගයේ හපුතලේ ආසන සංවිධායකවරයා ද වනවා.

මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මන්ත්‍රී ධුරයෙන් තමා ඉල්ලා අස්වන බවට අද (09) පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුවයි සිය ඉල්ලා අස්වී‍මේ ලිපිය භාර දෙනු ලැබුවේ.

මේ අනුව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ අසුන හිස්ව ඇති බව මහ‍ලේකම්වරිය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?