චමින්ද වෙනුවට නයන?

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ චමින්ද විජේසිරි මහතාගෙන් හිස්වූ අසුනට නයන වාසලතිලක මහතා පත් කෙරෙනු ඇති බවට වාර්තා වනවා.

චමින්ද විජේසිරි මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය වෙත භාරදුන් අතර එය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙතට යොමු කිරීමට නියමිතයි.

අනතුරුවයි මන්ත්‍රී ධුරයක් හිස්ව ඇති බවට මැතිවරණ කොමිසම විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ.

ඒ අනුව සමගි ජන බලවේගයට නව මන්ත්‍රීවරයෙකු හිස්වූ අසුන සඳහා පත් කිරීමට හැකියාව පවතිනවා.

චමින්ද විජේසිරි මහතාගෙන් හිස්වූ අසුනට පත් කෙරෙන බව කියන නයන වාසලතිලක මහතා 2020 වසරේ පැවති මහ මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වු අතර ලබාගත් මනාප සංඛ්‍යාව 31307ක්.

ඔහු සමගි ජන බලවේගයේ හපුතලේ ආසන සංවිධායකවරයා ද වනවා.

මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මන්ත්‍රී ධුරයෙන් තමා ඉල්ලා අස්වන බවට අද (09) පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුවයි සිය ඉල්ලා අස්වී‍මේ ලිපිය භාර දෙනු ලැබුවේ.

මේ අනුව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ අසුන හිස්ව ඇති බව මහ‍ලේකම්වරිය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16