spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඝෝෂාකාරී යතුරු පැදි පැදවූ තරුණයන් තිදෙනකු අල්ලයි

ඝෝෂාකාරී ලෙස හඬ නංවන සයිලන්සර සවිකළ යතුරු පැදි පැදවූ තරුණයන් තිදෙනකුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

බණ්ඩාරගම නගරය හරහා ධාවනය වන වාහන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සමගාමීව තරුණයන් තිදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව පොලිසිය පවසයි.

තරුණයන් දස දෙනෙකුගෙන් යුත් පිරිසක් පානදුර දෙස සිට බණ්ඩාරගම දෙසට පැමිණීමේදී ඉදිරියෙන් පැමිණි තරුණයන් තිදෙනා සිය යතුරු පැදි රේස් කරමින් සයිලන්සරයෙන් මහ හඬ නංවමින් ඝෝෂාකාරී ලෙස පැමිණීම හේතුවෙන් රථවාහන රාජකාරියේ සිටි නිලධාරීන් විසින් නවතා ඔවුන් සිදු කළ වරද පහදා දී නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව පොලිස් නිළධාරියෙකු පැවසුවා.

තරුණයන් දස දෙනාගේම දෙමව්පියන් ගෙන්වා තරුණයන්ට සේම දෙමව්පියන්ට ද දැඩි අවවාද කිරීමට කටයුතු කළ බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියා.

සිද්ධිය පිළිබදව බණ්ඩාරගම පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?