BMW රථ 1728ක් ගෙන්වීමේ දී බරපතළ රේගු වංචාවක්

2011 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ රජයේ නිලධාරින් වෙනුවෙන් නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහන 1728ක් ආනයනය කිරීමේ දී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බරපතළ රේගු වංචාවක් සිදුවී ඇති ආකාරයක් පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබෙනවා

ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකරනු ලබන අදාළ විමර්ශනය අභියෝගයට ලක් කරමින් ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් පුද්ගලික සමාගම විසින් ගොනුකළ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ එකඟත්වය සහිතව අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නා.

2011 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ රාජ්‍ය නිලධාරීන් සඳහා ලබා දුන් තීරු බදු සහන බලපත්‍ර යටතේ නව බී.එම්. ඩබ්ලිව් වාහන 1728ක් ආනයනය කිරීමේ දී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බදු වංචාවක් සිදු වී ඇතැ‍යි සදහන් කරමින් රේගු අධ්‍යක්ෂවරයා විසින් පෙත්සම් කාර සමාගමට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

එම විමර්ශනය පසුව අවසන් කෙරුණු අතර අදාළ වාහන ආනයනයේ දී මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බැවින් රේගු පනතේ 119 වගන්තිය යටතේ පෙත්සම්කාර සමාගම වරදක් සිදුකර ඇති බවත් එහිදී එක් වාහනයකට රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කරමින් විමර්ශනය අවසන් කෙරුණු බවත් තීන්දුවේ සඳහන් වුණා.

ඊට එරෙහිව පෙත්සම්කාර සමාගම විසින් මීට පෙර නඩුවක් ගොනු කළ අතර එම නඩුවේ තීන්දුව දෙමින් අභියාචනාධිකරණය විසින් අදාළ විමර්ශනය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කර තිබුණා.

ඉන් අනතුරුව අදාළ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයක් සඳහා 2022.10.22 දින පෙනී සිටින දන්වා ශ්‍රී ලංකා රේගුව වෙතින් තමන්ට කැඳවීමක් ලැබුණු බව පවසමින් පෙත්සම්කාර සමාගම විසින් අභියාචනාධිකරණයට මෙම නව රිට් පෙත්සම ඉදිරිපත් කළා.

එම පෙත්සමට අතරමැදි පාර්ශවයක් ලෙස හිටපු රේගු නිලධාරී මුරුගේසු තයාබරන් මහතා ද ඉල්ලීමක් ඉදිරිපත් කරමින් පෙත්සම්කාර සමාගම විසින් ගොනුකර ඇති ඉල්ලීම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා.

එම නව පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී වග උත්තරකාර රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වාහන ගනුදෙනුවේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට ජර්මාණු රේගුව විසින් ශ්‍රී ලංකා රේගුව වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළා.

ඒ, අනුව නව සාක්ෂි සහ කරුණු ඉදිරිපත් වී ඇති හෙයින් නව විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවත් ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් ධර්මවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම වාහන ආනයනය කිරීමේ සිද්ධියේ දී බරපතළ මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බව පෙනී යන බව සඳහන් කළා.

ඒ, අනුව නව විමර්ශනයක් පැවැත්වීම මගින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සිය බලය අභිබවා ගොස් කටයුතු කර ඇති බවට ඔප්පු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති නිසා අදාළ පෙත්සම නිශ්ප්‍රභ කරන බවත් තීන්දුවේ සඳහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32