AFC Banner
AFC Banner
Empty Ad

ඝාතනයකට සැරසුණු දෙදෙනෙක් ආයුධ සමඟ පොලිස් දැලේ (ඡායාරූප)

‘මතුගම ශාන්’ නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ කොන්ත්‍රාත්තුවක් මත මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අරමුණින් මතුගම, ඕවිටිගල ප්‍රදේශයේ නිවසක සැඟව සිටි පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාශ දූෂණ මර්ධන වැටලීම් ඒකකය පවසනවා.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබී කඩු තුනක්, හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 15ක් සහ ජංගම දුරකථන පහක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අද (09) පෙරවරුවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර,මොවුන් ඕවිටිගල සහ කඩවක ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්.

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අරමුණින් මතුගම, ඕවිටිගල ප්‍රදේශයේ නිවසක පිරිසක් රැඳී සිටින බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?