spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෙවල් බිඳුමකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අල්ලයි (ඡායාරූප)

2023 ජනවාරි මස 19 දින මුල්ලේරියාව පොලිස් වසමේ උඩුමුල්ල ප්‍රදේශයේදී නිවසක් බිඳ රුපියල් ලක්ෂ 35 කට අධික දේපල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධව මුල්ලේරියාව පොලිසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ දින (22) මෙම සොරකමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් හා සොරබඩු ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර එක් අයෙකු ළඟ තිබි හෙරොයින් ග්රෑම් 05 මිලි ග්රෑම් 600 ක්ද සොයාගෙන තිබෙනවා.

මාස එකහමාරක පමණ කාලයක් නිවසේ අයිතිකරු විසින් නිවස වසා දමා තිබී ඇති අතර එම කාලය තුළදී සැකකරුවන් විසින් වරින් වර දේපළ සොරකම් කර තිබෙන බව පොලිසිය සිදු කළ විමර්ශන වලදි අනාවරණය වි තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ත් 50 අතර පසුවන උඩුමුල්ල මුල්ලේරියාව හා බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද (23) දින අළුත් කඩේ අංක 08 ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මුල්ලේරියාව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?