spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජගත් මිහිතල දිනය අදයි

ජගත් මිහිතල දිනය (World Earth Day) අදට යෙදී තිබෙනවා.

“ප්ලාස්ටික් සහ ලෝකය” යන්න මෙවර එහි තේමාවයි.

2040 වසර වන විට ප්ලාස්ටික් භාවිතය සියයට හැටකින් අඩුකිරීම අරමුණු කරමින් මෙවර මිහිතල දිනය සමරනු ලබනවා.

ලොව පුරා රටවල් 196කට වැඩි ප්‍රමාණයක ජගත් මිහිතල දිනය සමරන අතර, ප්ලාස්ටික් භාවිතයෙන් මිනිසාගේ සහ පාරිසරික සෞඛ්‍යයට ඇති කරන අහිතකර බලපෑම් ගැන මහජනතාව දැනුවත් කිරීම මෙවර ජගත් මිහිතල දිනයේ ප්‍රධානතම අරමුණ වී තිබෙනවා.

ජගත් මිහිතල දිනය ලෙස අප්‍රේල් මස 22 වනදා ප්‍රකාශයට පත්කරන ලද්දේ, වර්ෂ 1970 අප්‍රේල් මස 22 වනදා ඇමෙරිකාවේ පවත්වන්නට යෙදුණු ප්‍රථම මිහිතල සමුළුවට සමගාමීවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?