spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැක්ස්වෙල් IPL පිටියෙන් දින නියමයක් නොමැතිව විවේකයක් ගනී

රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම නියෝජනය කරන ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් දින නියමයක් නොමැතිව විවේකයක් ගැනීමට තීරණය කර තිබෙනවා.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ ඊයේ (16) පැවති තරගයෙන් ලැබූ අමිහිරි පරාජයෙන් පසු මාධ්‍ය හමුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැක්ස්වෙල් මෙම පුවත හෙළි කළා.

එහිදී ඔහු සඳහන් කළේ තරගයට පෙර තමන්, නායක ෆාෆ් ඩු ප්ලෙසිස්ට වෙනත් අයෙකු උත්සාහ කරන ලෙස ඉල්ලා සිටි බවයි.
ඒ, අනුව ඊයේ තරගය සඳහා බැංගලූරු කණ්ඩායමට විල් ජැක්ස් ඇතුළත්ව සිටියා.

මේ අතර මැක්ස්වෙල් වැඩිදුරටත් පැවසුවේ තමන් මේ වන විට හොඳ මානසික හා ශාරීරික අවකාශයක නොසිටින බවයි.

ඒ, හේතුවෙන් මෙලෙස විවේකයක් ගැනීමට තීරණය කළ බවයි ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩකයා පැවසුවේ.

මානසික තෙහෙට්ටුව හේතුවෙන් මැක්ස්වෙල් ක්‍රීඩාවෙන් විවේක ගත් පළමු අවස්ථාව මෙය නොවන අතර, මැක්ස්වෙල්ගේ මෙම තීරණයත් සමඟ බැංගලූරු කණ්ඩායමට වෙනත් ප්‍රහාරත්මක විදෙස් පිතිකරුවෙක් පිළිබඳව මේ වනවිට කණ්ඩායම තුළින්ම සොයාගැනීමට සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?