මැක්ස්වෙල් IPL පිටියෙන් දින නියමයක් නොමැතිව විවේකයක් ගනී

රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම නියෝජනය කරන ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් දින නියමයක් නොමැතිව විවේකයක් ගැනීමට තීරණය කර තිබෙනවා.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ ඊයේ (16) පැවති තරගයෙන් ලැබූ අමිහිරි පරාජයෙන් පසු මාධ්‍ය හමුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැක්ස්වෙල් මෙම පුවත හෙළි කළා.

එහිදී ඔහු සඳහන් කළේ තරගයට පෙර තමන්, නායක ෆාෆ් ඩු ප්ලෙසිස්ට වෙනත් අයෙකු උත්සාහ කරන ලෙස ඉල්ලා සිටි බවයි.
ඒ, අනුව ඊයේ තරගය සඳහා බැංගලූරු කණ්ඩායමට විල් ජැක්ස් ඇතුළත්ව සිටියා.

මේ අතර මැක්ස්වෙල් වැඩිදුරටත් පැවසුවේ තමන් මේ වන විට හොඳ මානසික හා ශාරීරික අවකාශයක නොසිටින බවයි.

ඒ, හේතුවෙන් මෙලෙස විවේකයක් ගැනීමට තීරණය කළ බවයි ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩකයා පැවසුවේ.

මානසික තෙහෙට්ටුව හේතුවෙන් මැක්ස්වෙල් ක්‍රීඩාවෙන් විවේක ගත් පළමු අවස්ථාව මෙය නොවන අතර, මැක්ස්වෙල්ගේ මෙම තීරණයත් සමඟ බැංගලූරු කණ්ඩායමට වෙනත් ප්‍රහාරත්මක විදෙස් පිතිකරුවෙක් පිළිබඳව මේ වනවිට කණ්ඩායම තුළින්ම සොයාගැනීමට සිදුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29