spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆොක්ස් හිල් අනතුරින් මිය ගිය අය අතර යුද හමුදා නිලධාරියෙකුත් – Update

දියතලාව යුද හමුදා කදවුර නරියාකන්ද ප්‍රදේශයේ වාර්ෂිකව පවත්වන ෆොක්ස් හිල් මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අතර තුර සිදු වූ අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙනවා.

අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් අතරවාරයේ මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන තරඹන්නන් අසලට කඩා වැදී මෙම අනතුර සිදු වුණා.

මෙම අනතුරකින් විසිඑක් දෙනෙකු තුවාල ලබා ඇතුළත් කෙරුනේ දියතලාව රෝහලටයි.

අනතුරින් මිය ගිය අය අතර වයස අවුරුදු 10ක පමණ ගැහැණු ළමයෙක් ද සිටින බවයි වාර්තා වුණා.

ඊට අමතරව යුද හමුදා නිලධාරියෙක් ද මිය ගිය පිරිස අතර සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරින් මිය ගිය අයගෙන් මාතර ප්‍රදේශයේ තිදෙ‍නෙක්, වැලිමඩ ඩයරබා ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් ද සිටිනවා.

අනතුරින් පසු තරගාවලියෙ ඉතිරි තරග සියල්ල අවලංගු කරන්නටයි සංවිධායකයින් කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?