spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – ෆොක්ස් හිල් ධාවන පථයේ මාරනිතක අනතුරට තරඟකරුවන් දෙදෙනක් අත්අඩංගුවට

දියතලාව ෆොක්ස් හිල් ධාවන පථයේ ඊයේ සිදු වූ අනතුර සම්බන්ධයෙන් ධාවන තරඟකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තරඟකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ දියතලාව මූලික රෝහලේ ප්‍රථිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු තරඟකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෝටර් රථ තරගයක් අතරතුර වම්පස ඉදිරියෙන්ම ධාවනය වූ මෝටර් රථයක් ධාවන පථයේ පෙරළී ගොස් ඇති අතර, ඒ අසල දකුණු පස සිටි නරඹන්නන් පිරිසක් ධාවන පථය ආසන්නයටම පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ දී පසුපසින් ධාවනය වූ තවත් මෝටර් රථයක් දකුණු පසින් පැමිණ ඇති අතර,ධාවන පථය ආසන්නයටම පැමිණ සිටි නරඹන්නන් එහිදී කලබලයට පත්ව ඇති බවයි දැනගන්නය ලැබුණේ

එහිදී ඔවුන්ව මඟ හැර ධාවනය කිරීමට මෝටර් රථයේ රියැදුරු උත්සාහ කළ අවස්ථාවේ අධික වේගයෙන් ධාවනය වෙමින් පැවති එම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන නරඹන්නන් දෙසට පෙරළීයාමෙන් මෙම මාරනිතික අනතුර සිදුව තිබුණා.

මෙම අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 19 දෙනෙක් තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?