ගැමි තරුණියන් රවටා නගරයට ගෙන්නාගෙන ජාවාරමක් හෙළිවෙයි

පුවත්පත්වල දැන්වීම් පළකොට දහසින් බැඳි පියළි අතපුරා ලැබෙන බවට දුරබැහැර ගම්මානවල ලාබාල තරුණියන් රවටා සම්භාහන මධ්‍යස්ථානවල තෙරපිවරියන් ලෙස පුහුණුවීමට යැයි කියා ලාබාල තරුණියන් නගරබදට ගෙන්වා ඔවුන් ගණිකා වෘත්තියට යොදවන සංවිධානාත්මක කල්ලියක් විසින් මීගමුවේ මෙහෙය වූ සුපිරි ගණිකා මධ්‍යස්ථාන දහයක සිටි තරුණියන් 24 ක් අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසිය සමත් වී තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ මෙහෙයවීම මත මීගමුව අපරාධ කොට්ඨාශය සහ මීගමුව පොලිසිය විසින් මෙම වැටලීම් මෙහෙයවා ඇති බවයි සඳහන් වන්නේ.

ආයුර්වේද සම්භාහන ආයතන මුවාවෙන් මීගමුව වැල්ලවීදිය, කුඩාපාඩුව, පෙරියමුල්ල, බාල්දිහන්දිය, ඇලපාර යන ප්‍රදේශවල මෙම සුපිරි ගණිකා නිවාස පවත්වාගෙන ගොස් තිබෙනවා. මෙම මධ්‍යස්ථාන වල කිසිදු ආයුර්වේද වෛද්‍යවරයෙකු නොසිටි අතර සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් ඇති බවත් සඳහන්.

මෙහිදී අත්අඩංගුවට ගත් තරුණියන් අවුරුදු 20-28 අතර වයස්වල පසුවෙන අය බවයි පැවසෙන්නේ. ඔවුන් තිස්සමහාරාමය, අනුරාධපුරය, පොලොන්නරුව, නිකවැරටිය, උඩුදුම්බර, ගලෙන්බිඳුනුවැව, තඹුත්තේගම ආදී ඈත පිටිසර ගම්මාන වලින් තෙරපිවරියන් ලෙස සේවයට පැමිණි බවත් පුවත්පත්වල පළ වූ දැන්වීම් අනුව දහසින් බැඳි පියළි සොයා ඔවුන් පැමිණි බවත් ඔවුන් සම්භාහනය සම්බන්ධයෙන් කිසිත් නොදන්නා බවත් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණියන්ගෙන් කොටසක් මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය හමුවට පැමිණ වූ අතර ඔවුන් නිරෝධායන නීති උල්ලංඝණය කිරීම ඇතුළු චෝදනාවන්ට වරද පිළිගත් අතර ඔවුනට රුපියල් 5000 බැගින් දඩ නියම කර තිබෙනවා.

අනිකුත් තරුණියන් මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම තරුණියන් රුපියල් ලක්‍ෂ 5 බැගින් ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට නියෝග කර ඇති බවත් සඳහන්.

මෙම ගණිකා නිවාස පවත්වාගෙන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුනට වෙන් වෙන්ව නඩු පැවරීමට මීගමුව පොලිසිය කටයුතු යොදා තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යාළුවෙක් නුගේගොඩ නිවසක් දුන්නා අපිට..අපේ යාළුවෝ දන්නවා අපි කවුද කියලා
07:27
Video thumbnail
Kasthirama | "ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට ඇයි කලබල ? " - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
අස්වැසුම ෆෝම් එකක් ඉල්ලන් එන අහිංසක මිනිස්සුන්ට චණ්ඩි පාට් දැමූ කතරගම නිලධාරීන්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59


?