ගැමි තරුණියන් රවටා නගරයට ගෙන්නාගෙන ජාවාරමක් හෙළිවෙයි

පුවත්පත්වල දැන්වීම් පළකොට දහසින් බැඳි පියළි අතපුරා ලැබෙන බවට දුරබැහැර ගම්මානවල ලාබාල තරුණියන් රවටා සම්භාහන මධ්‍යස්ථානවල තෙරපිවරියන් ලෙස පුහුණුවීමට යැයි කියා ලාබාල තරුණියන් නගරබදට ගෙන්වා ඔවුන් ගණිකා වෘත්තියට යොදවන සංවිධානාත්මක කල්ලියක් විසින් මීගමුවේ මෙහෙය වූ සුපිරි ගණිකා මධ්‍යස්ථාන දහයක සිටි තරුණියන් 24 ක් අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසිය සමත් වී තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ මෙහෙයවීම මත මීගමුව අපරාධ කොට්ඨාශය සහ මීගමුව පොලිසිය විසින් මෙම වැටලීම් මෙහෙයවා ඇති බවයි සඳහන් වන්නේ.

ආයුර්වේද සම්භාහන ආයතන මුවාවෙන් මීගමුව වැල්ලවීදිය, කුඩාපාඩුව, පෙරියමුල්ල, බාල්දිහන්දිය, ඇලපාර යන ප්‍රදේශවල මෙම සුපිරි ගණිකා නිවාස පවත්වාගෙන ගොස් තිබෙනවා. මෙම මධ්‍යස්ථාන වල කිසිදු ආයුර්වේද වෛද්‍යවරයෙකු නොසිටි අතර සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් ඇති බවත් සඳහන්.

මෙහිදී අත්අඩංගුවට ගත් තරුණියන් අවුරුදු 20-28 අතර වයස්වල පසුවෙන අය බවයි පැවසෙන්නේ. ඔවුන් තිස්සමහාරාමය, අනුරාධපුරය, පොලොන්නරුව, නිකවැරටිය, උඩුදුම්බර, ගලෙන්බිඳුනුවැව, තඹුත්තේගම ආදී ඈත පිටිසර ගම්මාන වලින් තෙරපිවරියන් ලෙස සේවයට පැමිණි බවත් පුවත්පත්වල පළ වූ දැන්වීම් අනුව දහසින් බැඳි පියළි සොයා ඔවුන් පැමිණි බවත් ඔවුන් සම්භාහනය සම්බන්ධයෙන් කිසිත් නොදන්නා බවත් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණියන්ගෙන් කොටසක් මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය හමුවට පැමිණ වූ අතර ඔවුන් නිරෝධායන නීති උල්ලංඝණය කිරීම ඇතුළු චෝදනාවන්ට වරද පිළිගත් අතර ඔවුනට රුපියල් 5000 බැගින් දඩ නියම කර තිබෙනවා.

අනිකුත් තරුණියන් මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම තරුණියන් රුපියල් ලක්‍ෂ 5 බැගින් ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට නියෝග කර ඇති බවත් සඳහන්.

මෙම ගණිකා නිවාස පවත්වාගෙන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුනට වෙන් වෙන්ව නඩු පැවරීමට මීගමුව පොලිසිය කටයුතු යොදා තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09