ගලෙන්බිඳුණුවැව – ගැටලාව වැවේ තිබි ජීව උණ්ඩ 7000 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට සොයාගෙන ඇති බව පොලිසිය පවසනවා.
පෙරේදා (13) දහවල් කාලයේදී ගැටලාව වැවට දරකැඩීම සඳහා පැමිණි පුද්ගලයෙකු දරකැඩීම සදහා ගැටලාව වැවට බැස ඇති අතර එම අවස්ථාවේ දී වැවෙහි ජලයේ තිබී උණ්ඩ කිහිපයක් දැක තිබෙනවා.
පසුව එම පුද්ගලයා විසින් කඩිනමින් මේ පිළිබඳව 118 හදිසි ඇමතුම් අංකය හරහා ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුවත් කිරීමටයි කටයුතු කර තිබුණේ.
ඒ, අනුව ආරක්ෂක අංශ පෙරේදා (13) දිනයේ සහ ඊයේ (14) දිනයේ දී ගැටලාව වැවේ විශේෂ මෙහයුමක් ආරම්භ කළා.
එම මෙහෙයුමේ දී වැවේ එක් ස්ථානයක ජලයේ තිබී ටී 56 වර්ගයේ ජීව පතොරම් 5038 ක ප්‍රමාණයක් පෙරේදා (13) දිනයේ සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
ඊයේ (14) දිනයේ ද විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්යබලකායේ අනුරාධපුර කදවුරේ නිලධාරින් පිරිසක් යොදවා එම ස්ථානය තවදුරටත් පරීක්ෂා කිරීමට කටයුතු කරනු ලැබුවා.
එහිදී ටී 56 ගිනි අවි සදහා යොදාගන්නා මැගසින් 11ක් ,ටී 56 ජීව උණ්ඩ 1965ක් ,ආධාරක අවි උණ්ඩ 115ක් ,පූස් උණ්ඩ 06ක් සහ ගිනිඅවි සුද්ද කිරීම සදහා යොදාගන්න හිස් ඔයිල් බෝතල් 05ක් සොයාගැනීමට හැකිව තිබෙනවා.
මේ අතර සොයාගත් ජීව උණ්ඩ සහ අනෙකුත් ආයුධ පිළිබඳව කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (15) දිනයේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.













