ගැටලාව වැවෙන් හමුවූ උණ්ඩ තොගය ගැන පොලිසිය අද උසාවියට කරුණු කියයි

ගලෙන්බිඳුණුවැව – ගැටලාව වැවේ තිබි ජීව උණ්ඩ 7000 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට සොයාගෙන ඇති බව පොලිසිය පවසනවා.

පෙරේදා (13) දහවල් කාලයේදී ගැටලාව වැවට දරකැඩීම සඳහා පැමිණි පුද්ගලයෙකු දරකැඩීම සදහා ගැටලාව වැවට බැස ඇති අතර එම අවස්ථාවේ දී වැවෙහි ජලයේ තිබී උණ්ඩ කිහිපයක් දැක තිබෙනවා.

පසුව එම පුද්ගලයා විසින් කඩිනමින් මේ පිළිබඳව 118 හදිසි ඇමතුම් අංකය හරහා ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුවත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

ඒ, අනුව ආරක්ෂක අංශ පෙරේදා (13) දිනයේ සහ ඊයේ (14) දිනයේ දී ගැටලාව වැවේ විශේෂ මෙහයුමක් ආරම්භ කළා.

එම මෙහෙයුමේ දී වැවේ එක් ස්ථානයක ජලයේ තිබී ටී 56 වර්ගයේ ජීව පතොරම් 5038 ක ප්‍රමාණයක් පෙරේදා (13) දිනයේ සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (14) දිනයේ ද විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්යබලකායේ අනුරාධපුර කදවුරේ නිලධාරින් පිරිසක් යොදවා එම ස්ථානය තවදුරටත් පරීක්ෂා කිරීමට කටයුතු කරනු ලැබුවා.

එහිදී ටී 56 ගිනි අවි සදහා යොදාගන්නා මැගසින් 11ක් ,ටී 56 ජීව උණ්ඩ 1965ක් ,ආධාරක අවි උණ්ඩ 115ක් ,පූස් උණ්ඩ 06ක් සහ ගිනිඅවි සුද්ද කිරීම සදහා යොදාගන්න හිස් ඔයිල් බෝතල් 05ක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

මේ අතර සොයාගත් ජීව උණ්ඩ සහ අනෙකුත් ආයුධ පිළිබඳව කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (15) දිනයේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බුත්තලදී ත්‍රීරෝද රථයක් - යතුරුපැදියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
රටේ කෑල්ලක්වත් කඩන්න අපි ඉඩ දෙන්නේ නෑ..නැති ප්‍රශ්න ඇති කරලා යුද්දයක් නිර්මාණය කරන්නද හදන්නේ ?
07:01
Video thumbnail
තමන් මෙන්න අන් අයත් විනාශ කරන සයිකෝසියානු රෝගය ගැන ප්‍රබල හෙළිදරව්වක්
02:54
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17